Colombo Today Local News

මුලතිව් ගුවන් හමුදා කඳවුර ගැනත් තීරණයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ඉදිරියට ”රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (30) දින නිකුත් කරනු ලැබීය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අනුමැතිය මත මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබූ අතර අද (31) දින සිට මුලතිව් ගුවන් හමුදා පහිනාංකය රඳවා තැබීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පසුගියදා නාවික හමුදාව විසින් බේරා ගනු ලැබූ මියන්මාර සරණාගතයින් 103 දෙනා මුලතිව් පිහිටි ගුවන් හමුදා කඳවුර වෙත තාවකාලික රැඳවීම සඳහා යොමුකර තිබුණා.

අධිකරණ නියෝග මත ඔවුන් මිරිහාන පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබුණද මිරිහාන රැඳවුම් මධ්‍යස්ථාන තුළ ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෙම සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙත යොමු කිරීමට පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංක

Related posts

මන්නාරම සමූහ මිනිවලේ කැණිම් අත්හිටුවන්නැයි අධිකරණයෙන් නියෝගයක්.

colombotoday

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වෙයි ?

colombotoday

තවුහිඩ් ප්‍රධානියා අබ්දුල් රාසික්. වහාම අත්අඩංගුවට ගන්න – ඥානසාර හිමි

colombotoday

බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ…

Admin

තිලිණි ප්‍රියමාලි අසාද් සාලිගේ කෝටි 8කට විදලා

colombotoday

Breaking News : දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් පිටව යයි.

colombotoday