Colombo Today Local News

මීගමුවේ දැරියක් අතුරුදන් – තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න

මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ වයස අවුරුදු 17ක ගැහැණු දරුවෙක් අතුරුදන්ව තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම දැරියගේ ඡායාරූපයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එලෙස අතුරුදන්ව ඇත්තේ ගයාත්‍රි දෙව්ශානි සූරියසිංහ නමැති පාසල් සිසුවියකි.

අතුරුදන්ව ඇති දැරියගේ පියා විසින් මීගමුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

දැරිය පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇය සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතයි.

අතුරුදන් දැරියගේ ඡායාරූපය ඉහතින් දක්වා ඇති අතර, ඇය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය දැනුම් දෙයි.

මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂක – 0718 591 630
මීගමුව පොලීසිය – 0312 222 227

Related posts

පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කාරක සභාව පිහිටුවයි

colombotoday

ආසියාවේ හොඳම මුදල් ඇමති වූ නිසයි මාව ගැලෙව්වේ. – රවී කරුණානායක කියයි

colombotoday

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 – මැ.කො. නිවේදනය කරයි

colombotoday

මිලියන 30ක හොර රූපලාවන්‍ය ආලේපන තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට

Admin

නිරෝධායනයට යොමුකලේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගේ ලිඛිත නියෝග මතයි. – මහජන ආරක්ෂක ඇමති කරුණු පහදයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

colombotoday