Colombo Today Local News

මැතිසබයේ කාන්තා හිංසන සොයන්න බාහිරින් විමර්ශනයක්

පාර්ලිමේන්තු වේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම අධිකරණ ක්ෂේත්‍රයේ පිරිසකගෙන් සමන්විත බාහිර විමර්ශන කණ්ඩායමකට පැවරීමටපාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇත.

මේ සිද්ධීන් සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වයක් මැදිහත් කරවාගෙන විමර්ශනයක් පවත්වන ලෙස සේවකයන් පිරිසක් කතානායකවරයාගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත.මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය.

පරිපාලන කටයුතු භාර අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මිය පැවැත් වූ එම පරීක්ෂණයේ වාර්තාවද පාර්ලිමේන්තු ප්‍රධානීන්ට බාර දෙනු ලැබ ඇත.එම වාර්තාවද පදනම් කරගෙන සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.මේ අතර පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් ප්‍රධානීන් විසින් අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හිටපු මහාධිකරණ විනිසුරු සරෝජා කුසලා වීරවාදන මහත්මියගේ නිර්දේශ අනුව එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු ඇතුළු තිදෙනෙක් පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් පසුගිය 10 වැනිදා එම සේවයෙන් නෙරපනු ලැබූහ.

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවන්නේ යයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් සොයා බලන ලෙස සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පසුගියදා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.මේ අනුව මේ කාරණය සම්බන්ධයෙන් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් වාදයක්ද ඇති විය

Related posts

පලෙයි වෛද්‍යවරයා එකින් එක වමාරයි. පන්නල රක්ෂිතයෙන් ක්ලේමෝ බෝම්බ 03 ක් සොයා ගැනේ

colombotoday

රවීන්ද්‍ර යසස් රිය අනතුරක

colombotoday

”ලෝකයේ කොහේවත් ආරක්ෂක අංශවලට මෙහෙම විපත්තියක් සිදුවෙලා නෑ” තොරතුරු නොදැන චම්පිකගෙන් පුස් වෙඩිල්ලක්.

colombotoday

ෆේස්බුක් වාරණයට සූදානම්..? ජනමාධ්‍ය ලේකම් කියයි (VIDEO)

colombotoday

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට

colombotoday

යහපාලන ඖෂධ පනත කුණුබක්කියේ.. රාජිත කුඩුපට්ටම් කළ ඖෂධ නියාමන අධිකාරියේ පාලනය ඖෂධ මාෆියාව අතට

colombotoday