Colombo Today Local NewsWorld

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

us232

ඇමෙරිකා එක්සත් ජනපදය මෙතෙක් වෙනත් රටකට ලබා දුන් විශාලාම යුද ආධාර මුදල ලෙස ඩොලර් බිලියන 38ක මුදලක් ඊශ්‍රායලය වෙත ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම මුදල ලබා දෙනු ලබන්නේ ඊශ්‍රායලයේ ඉදිරි දෙවසරේ යුද කටයුතු වෙනුවෙන් බව පැවසෙන අතර ඒ සම්බන්ධ වන ගිවිසුම හෙට (16) දිනයේදී අත්සන් කිරීමට සූදානම් බව පැවසේ.

ඇමෙරිකානු වුවමනාව වෙනුවෙන් මැදපෙරදිග කලාපය තුළ කටයුතු කරමින් සිටින ඊශ්‍රායලය පලස්තීනය ආක්‍රමණය කරමින් එහි ජීවත්වන ජනතාව රටක් අහිමි එළිමහන් සිරකරුවන් බවට පත් කරමින් සිටින බවට ඇමරිකානු ගැති නොවූ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන චෝදනා කරති.

ලෝකයට මානව හිමිකම් ගැන කතා කරන ඇමෙරිකාව පලස්තීන නිරායුධ ජනතාව ඝාතනය කරමින් ඔවුන්ගේ උපන් බිමේ සිරකරුවන්, සරණාගතයින් බවට පත්කරමින් සිදු කරන ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳව මුනිවත රකිමින් සිටින තත්වයක් හමුවේ මෙලෙසේ යුද ආධාර ලබා දීම ඇමෙරිකාවේ සැබෑ තත්වය තවදුරටත් හෙළිදරව් කරන බවට දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආහාර, සෞඛ්‍ය, නිවාස, අධ්‍යාපනය අහිමිකර තිබෙන පලස්තීන ජනතාවට ආධාර ලැබිය යුතු තත්වයකදී ඇමෙරිකාව ඊශ්‍රායලය වෙත මෙලෙස දැවැන්ත මුදලක් ලබා දෙන්නේ ඔවුන් සිදුකරමින් සිටින කෘෘර ක්‍රියා අනුමත කිරීමට බවයි.

 

Related posts

අවතැන්වූවන්ට දෙන්න සතොසෙන් ඇති තරම් බඩු නොමිළේ.. ගාස්තුව පසුව රජයෙන් අයකරගන්නවාලු

colombotoday

බඹරු දෂ්ට කර ළමුන් 60 ක් රෝහලේ

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 816 ක්

colombotoday

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

colombotoday

19 රකින්න ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බව සමගි ජන බලවේගය කියයි

colombotoday

හිට්ලර් යළි උපදී, ලෝකයම හිනස්සයි (video)

colombotoday