Colombo Today Local News

රංජන් ජයලාල්ට බෝනස් නැතිවෙන ලකුණු

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත ලංකා විදුලි සේවක සංගමයේ ඉල්ලීම් නොතකා හරිමින් ලංකා විදුලි බල මණ්ඩලය මෙම වසර සඳහා සිය සේවකයන්ට බෝනස් නොගෙවීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පසුගියදා ප්‍රකාශ කළේ, මේ වසර සඳහා බෝනස් ලබා ගන්නා අතර තමන් ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක් මෙහෙය වන නිසා බෝනස් ලබා ගැනීමට පාරට බැස විරෝධතා පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

කෙසේ වුව ද ලංකා විදුලි බල මණ්ඩලය මෙම වසර සඳහා සිය සේවකයන්ට බෝනස් ලබා දීමට අනුමැතිය ලබා දී නැත. පසුගිය ආණ්ඩුව ද ඇමති කාංචන විජේසේකර යටතේ 2022 සහ 2023 වසර සඳහා ලංවිම සේවකයන්ට බෝනස් ලබා දුන්නේ නැත.

මේ අතර විදුලි බල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාල අධ්‍යක්ෂ ඉංජිනේරු අසිත නිරෝෂන් අනාවරණය කළේ මෙම වසරේ ලංවිම ලාභයෙන් බිලියන 112ක් සිපෙට්කෝ ආයතනයේ ණය ගෙවීම සඳහා යොදා ගත් අතර ඉතිරි බිලියන 41 ඉදිරි මිල සංශෝධනයක දී පාරිභෝගික ජනතාවට ලබා දෙන බවයි.

Related posts

ජනාධිපති ධුරයට සුදුසු සිරිමාවෝ, චන්ද්‍රිකා වැනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් පමණයි – වෙල්ගම

colombotoday

හොර උපාධියනම් මොකා වුනත් අනාවරණය කලයුතුයි

Admin

ඉදිරි සතියේදී ළමා රෝහලේ කටයුතුත් අඩාළ වෙයි

colombotoday

කිංස්ලි රත්නායක ‘සිරසෙන්‘ ඉල්ලා අස්වෙයි..

colombotoday

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් කොටි නායකයෙක් ලංකාවට පිටුවහල් කරයි !

colombotoday

බදියුදීන්ගේ මල්ලී රටටම වස කවයි. පරිභෝජනයට නුසුදුසු සහල් මහ තොගයක් හොර පාරෙන් වෙළදපොලට

colombotoday