Colombo Today Local News

කතානායකගේ උපාධිය බොරු එකක්නම් වහා ඉල්ලා අස්වෙනු

කථානායක අශෝක රන්වල මහතා තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් ඔහුට ඉල්ලා අස්වැන්නැයි බල කළ යුතු යැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

එසේ නොවෙනම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම කියා සිටී.

පසුගිය මහ මැතිවරණවලදී ජාතික ජන බලවේගය වෙන මිනිස් සෘජුව පෙනී සිටි සිටි දේවසිරි මහතා තම සමාජ ජාල ගිණුමේ මේ බව සඳහන් කරමින් මෙම සටහන තබා තිබේ.

රන්වල පරීක්ෂාව!!!

ආණ්ඩුව තමන් ජනතාව දුන් පොරොන්දුව සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන්නේ නම් කතානායක අසෝක රන්වල ගේ උපාධි පිළිබද තත්වය තමන්ම සොයා බලා ඔහු ඒ සම්බන්ධව වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබේනම් එක්කෝ අස්වන්නැයි බල කළ යුතුය. නැත්නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. රන්වල මෙහි දී වරදක් කර තිබේනම් එහි වැරදි දෙකක් ඇත. එකක් නැති උපාධි තිබේ යැයි ජනතාවට ප්‍රකාශ කිරීමයි. අනෙක මෙවැනි කාලයක මෙවැනි දේ සම්බන්ධව ප්‍රසිද්ධියේ බොරු කියා, ඒ බොරු සගවාගෙන මෙවැනි කැපී පෙනෙන තනතුරක් දැමීමට හැකි යැයි කල්පනා කිරීමයි. දෙවැනි වරද පළමු වරදට වඩා බරපතල වේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැනගත යුත්තේ තමන් හිස් ආවරණ, පා අවරණ හා අනෙකුත් ශරීර අවයව සදහා වූ ආවරණ නොමැතිව ප්‍රබල වේග පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහරදෙන ක්‍රිකට් පිතිකරු බලකායක් මෙන් බවයි.

Related posts

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරයට තට්ටු වෙන ලකුණු

colombotoday

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අවසන් පන්දුවාර 20යි 20 තරගය අද

Admin

IOC ඉන්ධන මිලත් අද රාත්‍රීයේ සිට පහළට

Admin

ජනවාරියේ ඩොලර් මිලියන 1000ක ණය නොගෙව්වොත් ලංකාව බ්ලැක් ලිස්ට් !

colombotoday

සිවුරු, අදනකඩ, හමුදා ඇදුම් සමග මුස්ලිම් දෙදෙනෙක් වැලිමඩින් අල්ලයි…

colombotoday

ගිනිඅවි තුනක් සහ ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin