Colombo Today Local News

උතුරේ මහවිරු සමරු 244න් 234කම කොටි ලාංඡන තිබුණේ නෑ

උතුරේ මහවිරු සැමරුම් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත්තේ පසුගිය වසරවල වෙනත් රටවලදී සිදුකළ උත්සවල ඡායාරූප බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පසුගිය සතිය තුළ උතුරේ සැමරුම් උත්සව 244ක් පවත්වා ඇති බවත් ඉන් කොටි ලාංඡන ප්‍රදර්ශනය කර ඇත්තේ උත්සව 10ක පමණක් බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඊට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කර චුන්නාකම් ප්‍රෙද්ශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළ බව ද අමාත්‍ය විජේපාල සඳහන් කරයි.

“උතුරේ එක් පුද්ගලයෙක්. බද්දේගම සහ බොරලැස්ගමුව ප්‍රෙද්ශවල පදිංචි දෙනෛක් ඉහත චෝදනා යටතේ අත්අඩංගුවට ගත්තා. එක් අයෙක් දකුණේ සිලින්ඩරයේ ලකුණින් ඡන්දය ඉල්ලූ පුද්ගලයෙක්. ඔවුන් සංවිධානාත්මකව රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින්, උතුර – දකුණ නැවත ගැටුමකට පසුබිම සකස් කිරීමේ ව්‍යාපාරයක අපිට හඳුනාගන්න පුළුවන්.

විශේෂයෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුම සිලින්ඩරේ ලකුණින් ක්‍රියාකාරීන් විදියට ඉන්නවා. මේ ගැන විමර්ශනයක් කරා සමාජ මාධ්‍ය හරහා මේවා වැඩි වශයෙන් ප්‍රචාරය කළේ කවුද කියලා. බොහෝ දේශපාලන කණ්ඩායම් මේවාට සම්බන්ධ බවට තොරතුරු තියෙනවා.”

Related posts

විමල්ගේ බිරිඳගෙන් CID යට පැමිණිල්ලක්

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍යයි – රවුෆ් හකීම්

colombotoday

2011 ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව: බොරු කියු මහින්දානන්දට විරුද්දව පරීක්‍ෂණ ආරම්භ කරනැයි පැමිණිල්ලක්

colombotoday

සහල් ආනයනට පෞද්ගලික අංශයට අවසර

Admin

තත්වය බරපතලයි.. උතුරේ සන්නද්ධ කණ්ඩායම් නැගිටිනවා – බුද්ධි අංශ අනතුරු අගවයි

colombotoday

දුන් පොරොන්දු ඉටු කරන්නේ ඇමතිලා පත් කිරීමෙන් පසුවයි

Admin