Colombo Today Local News

මහජන සාමය කැඩූ බවට සාක්ෂි නෑ කැළුම්ට ඇප

උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝ කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොටි සංවිධානයේ තහනම් කරන ලද සංකේත ඇතුළත් ඡායාරූපයක් මෙම සැකකරු පළ කර ඇති බවත්
එමගින් මහජන සාමය හා ජාතීන් අතර සංහිඳියාවට බාධා එල්ල වී ඇති බවත් සඳහන් කළ අතර උතුරේ මෙවැනි උත්සවයක් පවත්වා නොමැති බවත් සඳහන් කළේය.

විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් මෙම සැකකරු තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලා සිටි අතර එහිදී මහෙස්ත්‍රත්වරයා එම නිලධාරීන් විමසා සිටියේ මෙම ක්‍රියාව නිසා මහජන සාමය කඩ වූ බව තහවුරු කෙරෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කර තිබේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, එවැනි ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවය.

මහජන කැලඹීමක් සිදුවූ බව තහවුරු කෙරෙන සාක්ෂි නොමැතිව සිතේ තිබෙන දේවල් පදනම් කරගෙන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බව ප්‍රකාශ කරමින් සැකකරු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

Related posts

ඉල්ලුමට සරිලන සැපයුම් නෑ.. එළවලු මිළ ඉහළට.. කිලෝව 150 පනී

colombotoday

නෙට් යනවද.. මේ කරුණු 10 ගැන සැලකිළිමත් වන්න !

colombotoday

දික්වැල්ලේත් වෙඩිතැබීමක්

Admin

රිෂාඩ්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් ඩෙටනේටර් සමග අත්අඩංගුවට…

colombotoday

ඩෑන්ගේ මරණය ආන්දෝලනයක්? ජාතික ආරක්ෂාවද? මහජන ආරක්ෂාවද?

Admin

සරුංගල් සිද්ධික් මුල්කරගෙන මිනුවන්ගොඩ සිදු කල ත්‍රිත්ව ඝාතනයේ ටී 56 අවිය සමඟ අයෙක් අල්ලයි

Admin