Colombo Today Local News

අපේක්ෂිත බදු ආදයම් නොලැබේ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසර අවසානයේදී අපේක්ෂිත බදු ආදායම ඉපැයීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වසරේදී (2024) ඉපැයීමට අපේක්ෂා කරන ලද ආදායම රුපියල් බිලියන 2024 ක් වුවත්, එම ආදායම උපයා ගැනීම සම්බන්ධව අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි අනාවරණය වේ.

පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වන විටදී දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 1,893.4 ක බදු ආදායමක් ඉපැයීමට අපේක්ෂා කළද, බදු ගෙවන්නන්ගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ රුපියල් බිලියන 1,799.5 ක බදු ආදායමකි. මේ නිසා දෙපාර්තමේන්තුවට ඉකුත් නොවැම්බර් මස 30 වැනිදා වනවිට අපේක්ෂා කළ බදු ආදායම රුපියල් බිලියන 93.9 කින් අඩුවී ඇත.

එමෙන්ම, මේ වසරේ නොවැම්බර් මාසයේදී දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 290 ක බදු අදායමක් අපේක්ෂා කළද මාසය අවසන් දිනය වූ ඉකුත් 30 වැනිදා වන විටදී ලැබී ඇත්තේ රුපියල් බිලියන 220 ක බදු ආදායමකි.

2023/24 බදු වර්ෂයට අදාළ බදුගෙවීමේ කාල සීමාව ඉකුත් සැප්තැම්බර් මස 30 වැනිදායින් අවසන් විය.

මෙම තත්ත්වය මත මේ වසර (2024) අවසානය වන විටදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2,000 ක බදු ආදායමකටවත් ළඟාවීම ගැටලුකාරීවී ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග කියයි.

මෙවැනි තත්ත්වයක් මත රේගුවේ සහ සුරා බදු දෙපාර්තමේන්තුවේදී වාර්ෂික බදු ඉලක්ක සපුරාලීමට නොහැකි වුවහොත් ලබන වසරේදී (2025) රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සහ ජනතාවට බදු සහන ලබාදීමේදී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

– සාලිය කුමාර ගුණසේකර

Related posts

‘නුවර ගැටුමට සිංහල තරුණයන් පමණක්‌ අත්අඩංගුවට ගැනීම ගැන සැකයි’ – මාවරලේ භද්දිය හිමි

colombotoday

දකුණේ දේශපාලකයන් ජාතික ගීය දෙමළෙන් ගයද්දී හිටපු කොටි සාමාජිකයෝ ජාතික ගිය සිංහලෙන් ගයපු හැටි

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍යයි – රවුෆ් හකීම්

colombotoday

කිඹුලපිටියට කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු( Photo)

colombotoday

අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීමට තිත. ජනපති හදිසි නීති රෙගුලාසි පනවයි. | කොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් නිවුන්හැල්ල පත් කරයි.

colombotoday

උතුරු – නැගෙනහිර අද හර්තාල්

Admin