පොල් අපනය හා වගාවට එල්ල වී තර්ජන හමුවේ පොල් ගෙඩි බිලියනයක පමණ අස්වැන්නක් අඩුවීම රට මුහුණ දෙන පොල් හිඟයට හේතු වී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරයි.
එහි සභාපති සමන් දේවගේ මහතා පෙන්වා දෙන්නේ කෙසේ වෙතත් රජයක් ලෙස ඉදිරි මාස හය තුළ මෙම ප්‍රශ්නය විසඳීමට බලාපොරොත්තු වෙන බවයි.
වෙළඳපළේ පොල් මිල මේ වන විට සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර ප්‍රදේශ කිහිපයකම පොල් ගෙඩියක් රුපියල් 180-200 අතර මිලක අලෙවි වෙමින් ඇත.
ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක් රුපියල් 220 දක්වා ද මිල නියම කර තිබේ.