Colombo Today Local News

වී මිලදී ගන්න මෝල් හිමියන්ට සහනයක්

සහනදායි පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වී අස්වනු සඳහා සාධාරණ මිලක් සහතික කිරීමේ හා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමක් කිරීම මේ තුළින් අපේක්ෂා කරයි.

පසුගිය කන්නවල දී මෙම වැඩසටහන ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව නිරීක්ෂනය වී ඇති බැවින් 2024/25 මහ කණ්නයේ සිට සෑම කන්නයකදීම එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව නිශ්චිත නිර්ණායක කිහිපයකට යටත්ව උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රික්ටොන් 25ක් දක්වා වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා මෙම සහනදායි ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Related posts

“ජනතා සේවය හරියට කරන්නනම් ලක්ෂ හාරසීයේ බෙනස් එකක් නැතුව බෑ” – ෆොන්සේකා

colombotoday

අද රාත්‍රියේ ඉන්ධන මිළේ වෙනසක්…

colombotoday

මැරුණු කොටින්ට වන්දි ගෙවන යෝජනාව : සංශෝධනය කර ක්‍රියාත්මක කළ හැකියි

colombotoday

රනිල් ගෝඨා භය

colombotoday

වාලම්පුරි 02 ක් විකිණීමට සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව කේෂ්ත්‍ර නිලධාරීන්ට එන්නත් ලබා දීමේ සැලැස්මක්

colombotoday