Colombo Today Local News

මාලිමාණ්ඩුවේ පළවෙනි බිල්ල මමයි, රුහුණු උපකුලපති කියයි

තමා වෙනුවට රුහුණු විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙකු පත්කර ඇත්තේ තමන්ට එරෙහිව ගොනුකළ කිසිදු චෝදනාවක් සනාථ වීමෙන් නොවන බව එහි උපකුලපති මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සුජීව අමරසේන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාලය පරිපාලනය අවුල් යැයි නිසි බලධාරියෙකු පත් කළ ද එම පරිපාලන අවුල නිර්මාණය කළේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති එක්ක බවයි.

මෙම වර්ජනයට නායකත්වය දුන් ආචාර්ය සංගම් සාමාජිකයන් වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති සාමාජිකයන් මෙන් එම ආණ්ඩුව මගින් රාජ්‍ය ආයතනවලට පත් කළ අය ද වන බවයි, උප කුලපතිවරයා ප්‍රකාශ කළේ.

විශ්වවිද්‍යාලය තුළ කාලයක් තිස්සේ සිදුකළ නවක වධය, වංචා දූෂණ, අක්‍රමිකතාවලට, මහජන මුදල් කොල්ලයට එරෙහිව තමා දිගින් දිගට ම කටයුතු කිරීම ශිෂ්‍ය සංගම් මෙන්ම අධ්‍යයන සහ අනධ්‍යයන වෘත්තීය සමිතිවලට තමන් ඉවත් කර ගැනීමට ඇති එකම හේතුව බව ද මහාචාර්ය සුජීව අමරසේන සඳහන් කරයි.

මෙය පැහැදිලිවම වර්තමාන ආණ්ඩුවේ දේශපාලන පළිගැනීමක් බවත් මේ ආණ්ඩුවේ පළවෙනි බිල්ල තමන් බවත් උප කුලපතිවරයා අවධාරණය කරයි. තමන්ට එරෙහිව නඟන වංචා දූෂණ චෝදනා සියල්ල අසත්‍ය බවත් ඒවා ඔප්පු කළහොත් තමා සිරදඬුවම් විඳින්නට සූදානම් බවත් මහාචාර්ය සුජීව අමරසේන ප්‍රකාශ කරයි.

Related posts

මහ බැංකුවට කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීමට ඉල්ලුම් පත් කැඳවීම් නවතයි

colombotoday

10 වැනිදා ඡන්දෙට 9 වැනිදා සියළුම පාසල් වසයි.. අද සිට වැසෙන පාසල් මෙන්න

colombotoday

ප්‍රසන්න රණතුංගගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලා පියතුමන්ලා පිරිසකගෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්

colombotoday

පාසල් යලි අද සිට ආරම්බ වේ.

Admin

අමල් පෙරේරා බේරාගන්න පෙරටුගාමී උදුල් ඩුබායි යයි…

colombotoday

කොළඹ හතේ ගෙයක් බින්ද ප්‍රබල ඇමතියෙක් ළගදීම අත්අඩංගුවට

colombotoday