Colombo Today Local News

ආණ්ඩුව බොරු කීම නීත්‍යානුකූල කළා

ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් විසින් බොරු කීම නීත්‍යානුකූල කළ කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

“ආණ්ඩුව පැහැදිලිවම ජනතාවට විශාල බලාපොරොත්තු ගොන්නක් දුන්නා. දැන් ආණ්ඩුව බලාගෙන ඉන්නවා මීළඟ පොල් මුරේ එනකල්. ලුණු මිදෙන්න යන කාලය පිළිබඳ ගණන් හදනවා. වී අස්වැන්න කැපෙන්න කරල් පැහෙන කාලය දිහා බලාගෙන ඉන්නවා. මේ ආණ්ඩුව ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කළ යුතුයි කියන දැඩි ස්ථාවරයේ අපි ඉන්නවා.

ඒ වගේම මේ ආණ්ඩුව ඉතිහාසයේ පළමු වතාවට බොරු කියන එක නීත්‍යනුකූල කරලා තියෙනවා. ඒ නිසානේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබලතම මන්ත්‍රිවරියක් මාධ්‍යට ඇවිත් කියන්නේ බොරු කියන්නත් අයිතියක් තිබෙනවා කියලා. තව අවුරුදු පහකින් කියයි බොරු කීමේ අයිතිය අපි පිළිපැද්දා කියලා”
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

රන්ජන්ට කෙල්ලෝ යවන පියුමි හංසමාලි.ප්‍රියාන් මැනික්ගේ රහස් රැසක් එලියට – ලීක් වුන හඬ පටය

colombotoday

හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වේ

colombotoday

අයවැය විවාදයට පාර්ලිමේන්තුව රැස් වෙන්න කෝටි 20ක් ගිහින්

Admin

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක විශේෂ සෝදිසි මෙහෙයුමක්

colombotoday

චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් චීනයෙන් පිටුවහල් කරයි

Admin

රාජිත ඇවිල්ලා කටේම අතුල්ලලා ගියා. දැන් කියන්නේ “නෝනා පිටගිය කාලෙත් මාත් එක්ක හිටියා වගේ” කතාවක්

colombotoday