Colombo Today Local News

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා මාසයක් රට සවාරියේ

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයට පත් කෙරුණු හිටපු උප කුලපතිවරයකු වූ මහාචාර්ය සරත් අබේකෝන් මහතා මාසයක් පමණ නිවාඩු ලබා රටින් පිටව යාම හේතුවෙන් මධ්‍යම පළාත් සභාවේ විවිධ රාජ්‍ය ආයතන වලට අදාළ මහජනතාවට ඉටුවිය යුතු සේවා ඉටුකර ගැනීමේ ප්‍රමාද සිදුවන බව ආණ්ඩුකාර කාර්යාලයට යන මහජනතාව පවසති.

දෙසැම්බර් මස 07 වැනි දින සිට ජනවාරි මස 01 වැනි දින තෙක් ආණ්ඩුකාරවරයා නිවාඩු ලබා ඇති බවත් ඒ වෙනුවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වැඩ බැලීම සඳහා පත්කර ඇති බවත් ආණ්ඩුකාර කාර්යාල ප්‍රකාශකයෙක් මේ පිළිබඳව කළ විමසීමකදී පැවසීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ පරිපාලන විෂයට පළාත් සභා අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන සහ පළාත් සභාව යටතේ පොදු මහජන සේවා සපයන ආයතන රැසක් පවතියි. මෙම ආයතන හරහා සේවා සැපයීමේ දී සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙන සේවා සම්බන්ධයෙන් වගකීම සහ කාර්යභාරයන් පවතින්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා යටතේය.

මහනුවර, මාතලේ සහ නුවරඑළිය පළාත් සභා සහ පළාත් ආණ්ඩුකාරවරයාගේ පරිපාලන අධීක්ෂණය යටතේ සිදු කෙරෙන මහජන සේවා සම්බන්ධව ඍජු වගකීම සහ මැදිහත්වීම ද සිදුවන්නේ පළාත් ආණ්ඩුකාරවරයා යටතේ බැවින් මාසයක කාලයක් මධ්‍යම පළාතට ආණ්ඩුකාරවරයකු නොමැති වීම නිසා ආණ්ඩුකාර කාර්යාලය වෙත විවිධ කාර්යයන් සඳහා පැමිණෙන මධ්‍යම පළාතේ ජනතාව දැඩි අපහසුතාවකට ද මුහුණ දෙන බව ඔවුහු පවසති.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණ නව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයා විසින් පත් කළ අතර නව ආණ්ඩුව පත්වී මාසයක් ගතවුවද නව ආණ්ඩුකාරවරයා මාසයක් නිවාඩු ගෙන රටින් පිටව යාම නිසා මධ්‍යම පළාතේ ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවක් ඉටුකර ගැනීම සඳහා පළාතේ ආණ්ඩුකාරවරයා හමු වීම දුෂ්කර වී ඇති බව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් වෙත මහජනයා විසින් ද දැනුම් දී තිබේ.

වැඩ බැලීමට පත් කළ නැගෙන හිර පළාත් ආණ්ඩුකාරවරයා එන්නෙත් ඉඳහිට බව ආණ්ඩුකාර කාර්යාලයට ගිය මහජනතාව පවසති.

– ජේ.ඒ.එල්. ජයසිංහ

Related posts

අගමැති මහින්දගේ තීරණයට GMOA විරෝධය…

colombotoday

තවත් බහුජාතික මාෆියාවක් පාරිභෝගිකයන් අන්දන හැටි අධිකරණයේදී හෙළිවෙයි…

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ප්‍රාණ ඇපයට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා බේරාගැනේ

colombotoday

“අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ රටේ ජනමතය කොල්ල කෑමක්“ – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

තලතාගේ කැබිනට් පත්‍රිකාව ජනපති කුණු කූඩයට දමයි

colombotoday

මහමැතිවරණයේදි නව රජයට තුනෙන් ‌දෙකක බලයක් දිමට ශ්‍රීලනිප ක්‍රියා කළයුතුයි – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි

colombotoday