Colombo Today Local News

ඡන්දේ දුන්න විශ්‍රාමිකයන්ට ස්ථාවර තැන්පතු රැඳවුම් බද්දක්

ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලියෙන් අයකෙරෙන රැඳවුම් බද්ද 10% දක්වා වැඩිකිරීම පිළිබඳව සමගි ජන බලවේගය විරෝධය පළකරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

“මොවුන්ගෙ තව මැතිවරණ පොරොන්දුවක් තමයි විශ්‍රාමිකයින්ට ස්ථාවර තැන්පතු සඳහා වැඩි පොලියක් ලබාදෙන්න කටයුතු කිරීම. හැබැයි දැන් ලැබුණු පොලියත් අඩුවෙලා. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වන පොලිය අඩුවෙලා විතරක් නෙවෙයි අද රැඳවුම් බද්ද 5% ඉඳන් 10% දක්වා වැඩිවෙලා. විශේෂයෙන්ම තමන්ට ඡන්දය දුන්නු විශ්‍රාමිකයා, මධ්‍යම පාන්තිකයා, රජයේ සේවකයා, පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වෙලා තමන්ට ලැබුණු පාරිතෝෂිකය මත ජීවත්වෙන විශාල පිරිසකගේ පොලියට 5% ක්වූ රැඳවුම් බද්ද 10%ක් කිරීම ඉතාම අසාධාරණයි.

ගොඩක් අය ඉන්නෙ මාසෙකට රුපියල් 20,000 – 30,000ක් පොලිය ගන්න අය. ඉතින් ඒකෙන් 10%ක් රැඳවුම් බද්ද විදියට බැංකුවෙන් කපාගත්තාම අනිවාර්යයෙන් ඒ ජනතාවට ඒක ඉතාම අසාධාරණයක්. ඒක නැවත ක්ලේම් කරන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යනවා කියන්නෙ තවත් 10%ක් – 15%ක් තමන්ගෙ සාක්කුවට තට්ටු වෙන එක විතරයි.

ඒ නිසා අපි දන්නවා ඉතිහාසයේ ඔය රැඳවුම් බද්ද ආයෙ ගන්න පුළුවන් බද්දක් නෙවෙයි. ඒ රැඳවුම් බද්දෙන් යම් කොටසක් ගන්නවා නම් 1% – 2%ක් තමයි ඒ රැඳවුම් බද්ද ක්ලේම් කරලා ආයෙ අරගෙන තියෙන්නෙ. ඒ නිසා 10%ක රැඳවුම් බද්ද මාලිමාවට ඡන්දය දුන්නු අර්ධ නාගරික, නාගරික විශ්‍රාමික ජනතාවට දුන්නු අතුල් පහරක් විදියට තමයි අපි දකින්නෙ. ඒ නිසා අපේ විරෝධය පළකරනවා මේ රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා වැඩිකිරීම පිළිබඳව.”

Related posts

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

Admin

කොරෝනා පාලනයේ මුල් තැන හමුදාවට ලබා දීම වැරදි – පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියයි

colombotoday

සයින්දමර්දු බෝම්බ ප්‍රහාරයේ සාක්ෂි සැඟ වු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

ඇගමැතිට අලුත් කාර් එකක් ගන්න කෝටි හයක පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday

ප්‍රකාශයක් දෙන්න ගියේ නැතැයි, අල්ලස් කොමිසම නාමල්ට නඩු දමයි !

colombotoday

ඕනම උදව්වක් කරන්න චීනය ලෑස්තියි – චීන නියෝජ්‍ය විදේශ ඇමති ජනපතිට දන්වයි

colombotoday