මාෆියාකාරයන් ටිකක් තවදුරටත් සමහර තැන් වෙලාගෙන තිබෙන බවත් ඒවා ජනසතු කිරීමක් කර ගත යුතු බවත් ජනතාව සමග බද්ධ වුනු ව්‍යාපාර බවට පත් කළ යුතු බවත් ධීවර නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා සඳහන් කරයි.
මෙම ගැටළු තේරුම් ගෙන ඇති බවත් ජනාධිපතිතුමාද අදාල තීන්දුව අදාළ ලෙස අරගෙන ඇති බවත් ඔහු කියා සිටී.
සහල් ගැටලුව නිසා පුංචි කාල සීමාවක් අපහසුතාවයට පත්ව සිටින බව තමන් දන්නා බවද පැවසූ ඔහු ඉදිරියේදී මේ මෙම ගැටලුව ස්ථිර විසඳුමක් ගෙන එන බවද පැවසුවේය.
සාකච්චාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.