Colombo Today Local News

ගංවතුර ගැටළුවට ලබන වසරේ විසඳුම්

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මින් පෙර සිදුවූ දේශපාලන බලපෑම් වත්මන් රජය යටතේ සිදුනොවන බැවින් ගංවතුර පාලනය කිරීම සඳහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඊට අවශ්‍ය නිසි පියවර ගැනීමට නිලධාරීන්ට අවකාශය ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

කොලොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා ස්ථිරසාර විසඳුමක් ලබන වසරේ දී සකස් කර අවසන් කළ යුතු බවයි, නි. ඇමතිවරයා සඳහන් කළේ.

කෙටි කාලීන විසඳුම් ඔස්සේ ගංවතුර පාලනය සඳහා පිළිතුරක් නොලැබෙන බවත්, ස්වභාවික ආපදා තත්ත්වයන් මානවයාට පාලනය කළ නොහැකි බැවින් ඒවාට මුහුණ දීම සඳහා වූ ස්ථිරසාර විසඳුම් සොයාගැනීමේ වගකීම ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

නිලධාරීන් හා ආයතන අතර සම්බන්ධීකරණය තව දුරටත් ශක්තිමත් කරගත යුතු බවත්, ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා මහ ජනතාවගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

කොලොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ තාවකාලික විසඳුමක් වශයෙන් ඇළවේලි, ගංඟා හා කාණු පද්ධති පිරිසිදු කිරීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම සාකච්ඡාව ඊයේ (19 ) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විය.

කොලොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා කෙටි කාලීන විසඳුම් ලෙස ගංඟා, ඇළවේලි හා කාණු පද්ධති පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන 19ක ප්‍රතිපාදනය වෙන්කර තිබිණි. ඒ යටතේ අනු ව්‍යාපෘති දහ නමයක් ක්‍රියාත්මක වන අතර ඒයින් ව්‍යාපෘති 12 කටයුතු මේ වන විට අවසන් කර ඇත. තවත් අනු ව්‍යාපෘති 7 ක කටයුතු අවසන් කිරීමට නියමිතව ඇත. ව්‍යාපෘතිය නිම කළ යුතු කාලය ද දෙසැම්බර් 31 වන දිනයෙන් අවසන් වීමට නියමිතය. එම කටයුතු දෙසැම්බර් 31 වන වනදාට පෙර අවසන් කළ හැකි බව එම නිලධාරීන් එහිදී සඳහන් කළහ.

Related posts

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

colombotoday

රාජගිරියේ අනතුර- නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සැප්තැම්බර් 17 වනදා

colombotoday

මඤ්ඤොක්කා පිටි කරන්න ස්වීඩනයෙන්, ඉන්දියාවෙන් එයි…

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගයනවට විරුද්ධ වන්නේ රට බෙදන්න කැමති අයයි – අජිත් පී පෙරේරා

colombotoday

මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකය

colombotoday

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රතන හිමි සටනට

colombotoday