Colombo Today Local News

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය රටේ ගෘහ හා කාර්මික අවශ්‍යතා සඳහා පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් වන අතර, ලුණු අස්වැන්න කාලගුණික තත්ත්වයන් මත රඳා පවතී.

රට තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය වෙළෙඳ පොළේ ගෘහ සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා වන ලුණු සැපයීමේ හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී තිබේ.

ඒ සඳහා පිළියමක් ලෙස සකස් කර වෙළෙඳ පොළට සැපයීම පිණිස පවතින තීරු බදු අනුපාතය අනුව අමු අයඩි කරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ලුණු නිෂ්පාදකයින් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, අමු අය ධීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව, 2025-01-31 දින හෝ ඊට පෙර සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මඟින් වෙළෙඳ පොළට සැපයීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යතුමා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

විසුරුවා හැරිය පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනපතිට බලයක් නෑ.

colombotoday

එළවලු මැස්සක් උඩ කපා කොටා දැමූ පුද්ගල මළ සිරුරක්

colombotoday

විදේශ ඇමති සබ්රි අමෙරිකානු ජනපති බයිඩන් හමුවෙයි

colombotoday

මුල්ලිවයික්කාල් කොටි සැමරුම් තහනම් කරයි

colombotoday

“ආවා“ කල්ලියේ ලොක්කා ඇතුළු 38ක් අත්අඩංගුවේ !

colombotoday

උතුරෙන් සිංහලයන් එලවන්න කතා කරන විග්නේෂ්වරන්ට අලුත් ව්‍යවස්ථාවෙන් ඉඩම්, පොලිස් බලය

colombotoday