Colombo Today Local News

උගන්ඩාවට රිලවුන් යවා සඟවා අති ධනය ගේන්න

උගන්ඩාවට රිළවුන් යවා රාජපක්ෂ පවුලේ හංගා ඇති බව කියන මුදල් රටට ගෙන එන්නට කටයුතු කරන්නැයි ජාතික ජන බලවේග ආණ්ඩුවට මතක් කරන බව හිටපු කොළඹ නාගරික මන්ත්‍රි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බටහිර කොළඹ ප්‍රධාන සංවිධායක දිලිප් ප්‍රනාන්දු පවසයි.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි ආණ්ඩුවට නිරන්තරයෙන්ම සහයෝගය දෙනවා. කකුලෙන් අදින්නේ නෑ. පට්ටම පට්ට ආදරෙයි. ආණ්ඩු බලය ගන්නට මේ අය කී බොරු හරියට රජ වාසලට හකුරු හදන්නා කී කතාව වගේ කතාවක් තමයි කරන්නේ. ‘කියන විට එහෙමයි කරන විට මෙහෙමයි’ කියා දැන් රටටම පැහැදිලි වෙලා තියෙන්නේ. බොරු කියලා ජනතාව රවටා බලයට පත්වූ මේ ආණ්ඩුව බොරුවෙන්ම විනාශ වෙනවා. කතානායකගේ සිද්ධිය මඟින් අපට ඒ බව පැහැදිලියි.

ජනපතිතුමා ගාව ෆයිල් තියෙනවා. නමුත් ෆයිල්වල ඇතුළේ කිසිවක් නෑ. කෝ ෆයිල්වල තියෙනවා කී හොර ගනුදෙනු, වංචා, දූෂණ ඒවා නෑ. බොරුවේ උපත මාලිමා ආණ්ඩුවයි. හාල් නැති නිසා හාල් ගෙනාවා පිටරටින්. ඒවා ගුල්ලො ගහපු නරක් වුණු හාල්. මෙන්න දක්ෂ ආණ්ඩුව කරපු දක්ෂම ආනයනය. වී නෑ. හාල් නෑ. බත් නෑ. කිරිබත් උයන්න මෙදා ජනවාරි පළමු වැනිදා ජනතාවට බැරි වෙනවා.

මේ ආණ්ඩුව අනා ගන්නවා විතරක් නෙවෙයි නා ගන්නවා. ජනතාවට දුන් පොරෙන්දු ඉටු කරන්න බැරිව මේ අය වැදි බණ කියනවා. අපි තමයි දක්ෂ, අපිට පමණයි කරන්න හැකි යැයි කියමින් පාරම්බෑවට බලය ගත්තාම කරන්න මොළයක් නැති බව දැන් ජනතාවට පේනවා. ඇත්ත පිළිගෙන රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කියා මතක් කළ යුතුව තියෙනවා. ජනතාවාදී ආණ්ඩුවක් සකස් කර ජනතාවට සහන දෙන්න නැති නම් අපිට සිදුවෙනවා අනුර ගෝ හෝම් කියා ජනපති සහෝදරයාද සහෝදරත්වයෙන්ම ඉවත් කර දමන්නට.”

Related posts

වසර අවසාන වීමට පෙර රටේ නිල සංචිත ප්‍රමාණය අ. ඩොලර් බිලියන 03කට වඩා ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

colombotoday

යාපනයේදී කේරළ ගංජා කිලෝ 185ක් පොලිස් විශේෂ කාර්ය බලකාය වටලයි

colombotoday

තව්හිද් රාසික්ගේ නීතීඥයා මෛත්‍රී ගුණරත්න, භික්ෂූන් වහන්සේට කී කතාව බුකියේ පත්තු වෙයි

colombotoday

තවත් කොරෝනා ආසාදිතයෙක් කලවානෙන් හමුවේ.. වෙළදසැල් වසා දමයි

colombotoday

බදුල්ලේදී බස් රථයක් කරනම් ගසයි – රියැදුරු මරුට – දහයක් රෝහලේ

colombotoday

මාව විකට් ගන්නා පන්දු යවන්නෙක් කලේ නුවන් කුලසේකර – ලසිත් මාලිංගගෙන් ප්‍රකාශයක්

colombotoday