Colombo Today Local News

ගාල්ලේ පෝර්ට් සිටිය හදන්න ඉඩ දෙන්නේ නෑ

යෝජිත ගාල්ල වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම පිළිබඳ සැලැස්ම රජය පිළිනොගන්නා බව ත් එම සැලැස්ම ක්‍රියාත්මක නොකරන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

ගාල්ල ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකින් පසු මේ පිළිබඳ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

හෙතෙම මෙසේද කීවේය.

ගාල්ල වරාය නගර සංවර්ධන සැලැසුම පසුගිය රජය කාලයේ මේ පළාතේ හිටපු ඇමතිවරු හදලා තිබුණු එකක්. එම සැලැස්ම අපි පිළිගන්නේ නැහැ. ඒක අපි හදපු එකක් නෙවෙයි. ගාල්ල වරායේ සිට රූමස්සල දක්වා සංවේදී ප්‍රදේශය ගොඩකරන්න තමයි මෙම ව්‍යාපෘතිය හදලා තියෙන්නේ. මේක පිස්සුවක්. හිසේ අමාරුවක් වගේ වැඩක්.

මේ ව්‍යාපෘතිය සඳහා කොහෙන් හරි මුදල් එන්න ඇති. මුදල් එන කාලයේ මෙකී ව්‍යාපෘතිය සැලසුම් කිරීමට වියදම් කරන්න ඇති. අපේ රජය මගින් කාල බීලා හෝටල්වල ඉඳලා හදපු මෙවැනි සැලසුම් පැත්තකට දමනවා. වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිවලින් වූ විනාශය අපි දන්නවා” යැයිද නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේය.

යෝජිත ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුද ගොඩකිරීම පිළිබඳ පරිපූරක පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කොට තිබිණි.

ලලිත් රුහුණගේ

Related posts

ජනපතිගේ නත්තල් දින පණිවුඩය

colombotoday

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

colombotoday

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයක් කළ ගැසට්ටුව බල රහිත කරන්නැයි පරිසරය සුරැකීමේ සංවිධානයකින් පෙත්සමක්

colombotoday

නිවසක් තුල තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3 ක් සමග පුපුරණදුව්‍ය හා කලුකොටි සමරණ කොඩියක් අත්අඩංගුවට

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන් මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක

colombotoday

මැතිවරණයට දින තුනකට පෙර අර්ජුන් ඇලෝෂියස් අත්අඩංගුවට

colombotoday