Colombo Today Local News

මම ඇමති කාලේ අසෝක කාර්මික නිලධාරීයෙක්

පාරලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත්ට තියෙන අවංක කම කතානායක අශෝක රන්වලට නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

“පළපුරුදු කියන එකේ ඉන්න හැම මිනිහම හොරු කියලනේ කිව්වේ. හැම මිනිහම බොරුකාරයෝ කියලනේ කිව්වේ. හැම මිනිහම අශිෂ්ටයි කියලනේ කිව්වේ. එහෙම කියලනේ මේ බලයට ආවේ ශිෂ්ට සම්පන්න රජයක් ආණ්ඩුවක් හදනවා කියලා. අද කතානායකගේ ප්‍රශ්නෙන් මොකක්ද පෙන්නලා තියෙන්නේ? මොකක්ද කිව්වේ? කතානායකතුමා කිව්වේ ඔහුට ආචාර්ය උපාධියක් තියෙනවා කියලා වසේඩා කියලා විශ්ව විද්‍යාලයක ජපානයේ. දැන් පෙන්නලා තියෙනවා එහෙම උපාධියක් තියා ඔහු කවදාක්වත් ඒකෙ ශිෂ්‍යයෙක්වත් වෙලා ඉඳලා නැහැ කියලා.

දැන් කවුද ඔහු එතකොට? ඔහු මේක කියලා නේද ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දේ ඉල්ලුවේ? ඊළඟට ඔහු මොරටු විශ්ව විද්‍යාලයේ රසායන ඉංජිනේරු විද්‍යා උපාධිධාරියෙක් කියලා කිව්වා. මම දන්නවා ඔහුව. මම තෙල් සංස්ථාව පාලනය කළා.

මම දන්නවා ඔහු කාර්මික නිලධාරියෙක්. ඔහු මේ ආධුනිකත්ව මණ්ඩලයෙන් ආපු කෙනෙක්. ඉතින් මොකක්ද මේ?

Related posts

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

ජනාධිපති ලේකම් කථානායකට බොරු කියයි…

colombotoday

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට කන්න දෙන්නේ කැකිරි පිපිඤ්ඤා

Admin

“රජයේ විශ්විද්‍යාලවල ඉඩ මදි.. SAITM වැනි ආයතන තව හදනවා“ – සෞඛ්‍ය ඇමති රාජිත

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකසන්න අනුමැතිය

Admin

සජිත් පන්සල් හදන්නේනිධන් තියෙන තැන්වල – අම්පිටියේ සුමනරතන හිමි

colombotoday