Colombo Today Local News

අපට බෝනස් එපා-රංජන් ජයලාල්

ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ ලාභයෙන් ඉතිරිව ඇති මුදල සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදුනහොත් ලබන ජනවාරි සිට ජූලි දක්වා මාස හයේ එන දැවැන්ත ඉඩෝරයේදී විදුලි අර්බුදයට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසිය නොහැකි වනු ඇති බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසයි.

ඔහු පැවසුවේ, ලංවිම පාලනාධිකාරිය ප්‍රකාශ කළ පරිදි මණ්ඩලයට ලාභ ලැබී ඇත්තේ, රුපියල් බිලියන 162ක් වන අතර ඉන් බිලියන 112ක් තෙල් සංස්ථාවේ ණය ගෙවා ඇති සේ ම ඉතිරිව ඇත්තේ, රුපියල් බිලියන 42ක් බව ය.

ඒ අනුව, පාරිභෝගිකයාගේ විදුලි බිල අඩු කිරීමට සහ ප්‍රසාද දීමනා ලබා දීමට නම් මුදල් වෙන් කළ යුත්තේ එම රුපියල් බිලියන 42න් පමණක් බව ත් එය සිදු කළහොත් ලබන ජනවාරි සිට ජුලි මස දක්වා මාස හය තුළ රට මුහුණ දෙන දැවැන්ත නියඟයට මුහුණපාන්නට නොහැකිවනු ඇති බවත් ය.විශේෂයෙන් ම රටේ ජලාශ හිඳීම ආරම්භ වන අතර එහිදී සමස්ත ජනතාව ම විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව පැවැසූ රංජන් ජයලාල් මහතා පෙන්වා දුන්නේ රටේ පොදු ජනතාව ගැන සලකා ඒ වෙනුවෙන් දැනටමත් අදාළ මුදල ඉතිරි කර ගැනීමට තීන්දු කර ඇති බව ය.

එම නියඟය පැමිණියහොත් රටේ දැඩි ලෙස විදුලිය කප්පාදුවක් සිදු කිරීමට සිදුවනවා සේ ම විදේශ රටවලින් පාවෙන බලාගාර ගෙන්වීමට ද සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.එම නිසා මේ ඉතිරි වී ඇති රුපියල් බිලියන 42 ලාභය දැනට හිඳගත්තොත් ලංවිම විදුලිබල මණ්ඩල සේවකයන්ට පමණක් නොව සමස්ත රට වැසියාට ම එම නියඟයට මුහුණ දීමට සිදුවනු ඇති බව ජයලාල් මහතා තවදුරටත් පැවසීය.එමෙන් ම, ලංවිම විසින් යම් මුදලක් ඉතිරි කර නොගතහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් නැවත ණයක් ලබාගෙන විදුලි කප්පාදුව නවත්වා ගැනීමට රජයට සිදුවන අතර එම හේතුව මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා තීන්දු කරන්නේ ඊට අදාළ ණය පහසුකම් ලබා දීමට ඔවුන් එකඟවනු ඇති නමුත් ඔවුන් ඊට පලිහක් ලෙස නැවත ලංවිම කෑලි දොළහකට කඩා ඉන්දියාවට සහ චීනයට පැවරීමට ලංකා රජය කටයුතු කරන ලෙස ඔවුන් විසින් ම රටට බලපෑම් කරනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එම නිසා රටේ සම්පත් විකිණීම වෙනුවට මේ මොහොතේ යම් යම් කැපකිරීමක් සිදු කිරීමට සේවකයා මැදිහත් වුවහොත් එළැඹෙන සිංහල-හින්දු අලුත් අවුරුද්දට හෝ ප්‍රසාද දීමනාවක් ලබා දීමට රජයට හැකිවනු ඇති අතර විශේෂයෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ද මේ මොහොතේ උපරිම කැපකිරීම් සිදු කරමින් සිටින බැවින් ජනතාවද ඉදිරිය ගැන සිතා කුඩා කැපකිරීමක් කරන ලෙස තමා ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරට ත් ඉල්ලා සිටියේය.

Related posts

බීමත් කාන්තාවකගේ ඇඟේ හැපී හිරි ඔතප් බින්දැයි පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට අත්හිටවූ සිරදඬුවම්

colombotoday

මැති ඇමතිලාට, රාජ්‍ය ආයතනවලට වාහන ගෙන්වීම නැවතීමෙන් රජයට රු. මිලියන 1000ක ඉතිරියක් !

colombotoday

ආහාර විෂ වී ඇඟලුම් සේවිකාවන් 114 රෝහල්ගත කරයි

Admin

බර අඩු පාන් සදහා අද සිට මෙහෙයුම්

Admin

මං අගමැති වීම ස්ථිරයි.. ජනාධිපති,අගමැති දෙපැත්තක හිටියට ප්‍රශ්නයක් නැ..

colombotoday

වැටුප පරිත්‍යාග කරන ජවිපෙ මන්ත්‍රීලාගේ ගෙදර අය කන්නේ කොහොමද? රෝහිත ජවිපෙන් අසයි

colombotoday