Colombo Today Local News

තිබෙන ගිවිසුමම ඉදිරියට අරගෙන යනවා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකතාවන් මත ජාත්‍යන්තර ණය හිමියන් සමග නැවත ණය තිරසර විශ්ලේෂණයකට (DSA) නොයන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එසේ ගියහොත් අවුරුදු එක හමාරක් පමණ කාලයක් ගතවනු ඇති බවත් පවතින තත්ත්වය යටතේ එය දරා ගැනීමට නොහැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටී.

එසේ කටයුතු කර දෙසැම්බර් මාසය පමණ විට මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසූ ඔහු ඉන් අනතුරුව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ට නැවත බැඳුම්කර නිකුත් කිරීමට හැකි බව බවත් කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ සිරස නාලිකාව සමග පැවති වැඩසටහනකට එක්වෙමිනි.

ණය තිරසාර විශ්ලේෂණය යනු මධ්‍ය කාලීන හා දිගු කාලීනව තම ණය වගකීම් කළමනාකරණය කිරීමට රටකට ඇති හැකියාව තක්සේරු කිරීමට භාවිතා කරන රාමුවකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම විශ්ලේෂණ සිදු කරනුයේ ණය ගැනීම පිළිබඳව දැනුවත් තීරණ ගැනීමට සහ ඔවුන්ගේ ආර්ථික ස්ථාවරත්වයට ඇති විය හැකි අවදානම් හඳුනා ගැනීමට උපකාර කිරීම සඳහා ය.

Related posts

නාමල්ගේ අමාත්‍යාංශය ජීවන් තොන්ඩමන්ට. – ලංකා කම්කරු කොන්ග්‍රසය යලිත් රජයට ?

colombotoday

අපි බංකොලොත් රටක් ලෙස නම්වෙලා ඉවරයි… පරිභෝජනය සියයට 25කින් හකුලා ගත යුතුයි

colombotoday

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

Admin

නීතිවිරෝධීව යාත්‍රා කරමින් සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Admin

සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..

colombotoday

රජයේ සියළු තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති මෙහෙයවීම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යටතට

colombotoday