Colombo Today Local News

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා බොරුනම් නඩු දමනු

ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් කෝටි දහයක මුදලක් වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාට ලබා දුන් බව ජන අරගල සන්ධානය පවසයි.

එම පක්‍ෂයේ පාර්ලිමේන්තු අපේක්‍ෂක ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා පවසන්නේ ඊට අදාල දුරකතන චැට් තමා සතු බවය.

තමන් පවසන්නේ අසත්‍ය නම් නම් නඩු දමන ලෙස අභියෝග කරන බවත් ඔහු පැවසීය.

ඩඩ්ලි සිරිසේනලා විසින් ජනාධිපතිවරුන් පත් කිරීමට ධනය විසි කරන බවත් පැවසූ ඔහු රත්න සහල් අධිපති විසින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට කෝටි 50ක් ලබා දුන් බව ද පැවසුවේය.

අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු කෙඳිරියක් පවා නොමැතිව සිටින්නේ මුදල් ගත් නිසා බවත් ඔහු පැවසුවේ ජන අරගල සන්ධානය විසින් සංවිධානය කර තිබූ ගම්පොළ ප‍්‍රදේශයේ ජනහමුවක්
අමතමිනි.

Related posts

කද බඩ පමණක් ඇති මොලයක් නැති 08 පාස් ප්‍රසන්න ගම්පහ උගත් අපේක්‍ෂකයන්ට බයවෙලා

colombotoday

“මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට අඳුරු යුගයක සෙවනැලි මතුවෙනවා”

colombotoday

රනිල්ගේ එජාප නායකත්වයටත් තට්ටු වෙයි… වෙනත් නායකයෙක් යටතේ එජාපය එන මැතිවරණයට…

colombotoday

“බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කරන්නැ..”

Admin

“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්

colombotoday

බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිස කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට එයි

colombotoday