Colombo Today Local News

රටට බොරු කී සිපෙට්කෝ සභාපති ඉල්ලා අස්විය යුතුයි

වෙනත් පාර්ශ්වවල ලාභ අලාභ මත ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල තීරණය නොවන බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් ආනයනයේ දී පිරිපහදුවේදී හා බෙදාහැරීමේදී සිදුවන පිරිවැය ආවරණය වන පරිදි මිල තීරණය වන බවයි.

මිල සූත්‍රයෙන් පරිබාහිරව හෝ වෙනත් යම් සහනාධාරයක් ලබාදීමට රජය තීන්දුවක් ගන්නවා නම් රජය ඒ සඳහා මුදලක් දැරිය යුතු බවට පමණක් ගිවිසුමේ සඳහන්ව ඇති බව ද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සභාපතිවරයාට අවබෝධයක් නොමැති නම් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් විමසන ලෙසත්, ඔහු එම ප්‍රකාශය කළේ අවබෝධයෙන් ජනතාව නොමග යැවීමට නම් ඒ සම්බන්ධයෙන් සමාව අයැදිය යුතු බවයි .

Related posts

අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවමත් හිඟයි – සෞඛ්‍ය අමාත්‍යංශය

colombotoday

‘කිඹුලා ඇලේ ගුණා’ ගේ සමීපතමයෙක් අයිස් ග්‍රෑම් 76ක් සමග අත්අඩංගුවට

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගැනීමට CIDය අධිකරණයෙන් ඉල්ලයි. අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොවිඩ්

colombotoday

හදිසි නීතිය ඉවත් කරන්න – නීතිඥ සංගමය ඉල්ලයි

colombotoday

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ සමහර තොරතුරු හංගලා | අනුරකුමාර දිසානායක

colombotoday