මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ වාහන බලපත්‍ර අහෝසි කිරීමට රජයේ අවදානය යොමුව ඇත.
එසේ ම දැනට අමාත්‍යංශ සතු සුඛෝපභෝගී වාහන 150ක් විකිණීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ද කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.
මන්ත්‍රීවරුන්ට V 8 සහ මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද රජය තීරණය කර ඇත.
පසුගියදා පැවති නවක මන්ත්‍රී පුහුණු වැඩමුළුවේ දී ඔවුන්ගේ වරප්‍රසාද ගැන පැහැදිලි කිරීමට නියම්තව තිබුණ ද එය අවසාන මොහොතේ නවතා දමා තිබේ.