Colombo Today Local News

අපි ඇබා සංගීතය රස වින්දා ටිල්වින් කියයි

මෑතකදී ගල්කිස්ස හෝටලයේ පැවති සංගීත සැඳෑවකට සහභාගි වීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ එල්ල වන විවේචනයන්ට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රතිචාර දක්වයි.

රස වින්දනයක් සහින මිනිසුන් ලෙස එම අවස්ථාව රසවි විඳින ලද බවද හෙතෙම පවසන්නේ ඩේලි මිරර් පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

‘සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. අගමැති හරිනි අමරසූරිය, සංචාරක ඇමැති විජිත හේරත්, මා ඇතුළු පිරිසකට ඔවුන් ආරාධනා කළා. පක්ෂයේ තවත් අයටත් ආරාධනා කළා. ඒ අය කාර්යාලයට ඇවිත් අපිට ආරාධනා බාර දුන්නා.

කිසියම් උත්සවයක් සඳහා සංවිධානයකින් ආරාධනයක් ඇත්නම් අපි එයට සහභාගි වෙනවා. විවාහ මංගල උත්සවයකට ආරාධනාවක් ඇත්නම් ඔබ එයට සහභාගී වෙනවා.

එහි අපට මේසයක් වෙන් කර තිබුනා. ප්‍රවේශ පත්‍රය රුපියල් 50,000ක් වූ බව සැබෑය. නමුත් එහි රුපියල් 30,000, 15,000 සහ 7,500 මිල ගණන්වල ප්‍රවේශපත්‍ර ද තිබුනා.

අපි ඒකට සහභාගි වුණා. අපි ඒක රස වින්දා. අපි රසවින්දනයක් තියෙන මිනිස්සු’

Related posts

කොන්සියුලර් සේවා සැපයීම දින තුනකට සීමා වෙයි

colombotoday

පාස්වර්ඩ් අමතකයි කි ඇලෝසියස්ගේ දුරකථනයේ ගිණුමට බිරිද කරන්න ගිය දේ මාට්ටුයි !

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට !

colombotoday

මෝටර් රිය ගසක ගැටී පුද්ගලයකු මිය යයි

colombotoday

ජනක බණ්ඩාර යළි රිමාන්ඩ්, චොකා මල්ලිත් රිමාන්ඩ්

colombotoday

ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික නීතිඥවරියක්

colombotoday