Colombo Today Local News

ෆෙංගල් ශ්‍රී ලංකාවට ඇතුළු වේ

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 26 වැනි දින පස්වරු 06.00 ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් පමණ දුරින් ගිනිකොන දෙසින් පිහිටා තිබුණි.

එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර නොවැම්බර් 27 වැනි දින සුළි කුණාටුවක්
දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇත.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.200 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

Related posts

සම්බන්දන්, ජෝන්, එරාන්, අග රදගුරු සමගින් ජනපති නත්තල් සමරයි

colombotoday

ඕමාන මිනිස් ජාවාරම : තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

කෑගල්ලේ මාස 4කදි මී උණ රෝගීන් 250ක් – දෙදෙ‌නෙක් මරුට

colombotoday

මෙරට අක්කර ලක්ෂ 12ක් අල්ලන ඇමරිකානු මෙහෙයුමක්… ප්‍රධාන කාර්යාලය අරලියගහ මන්දිරය ඇතුළේ – නිළ ලිපියෙන් සියල්ල හෙළිවේ…

colombotoday

ගෝඨා අද උසාවියට… රිමාන්ඩ් කිරීමේ සූදානමක් ??

colombotoday

තිරිගු පිටි ගැටළුව සම්බන්ධයෙන් මුදල් කමිටුවෙන් විගණකාධිපතිට නියෝගයක්

Admin