Colombo Today Local News

මහා ගංවතුරක්

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා රැසක් පිටාර ගලමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කැලනි ගඟ ,නිල්වලා ගඟ ,හැඩ ඔය,මාදුරු ඔය,මහ වැලි ගඟ සහ යාන් ඔයේ ජලමට්ටම් පිටාර මට්ටමට පැමිණ තිබේ.

ඒ අනුව කැලනි ගඟ නෝවුඩ් ප්‍රදේශයෙන් අවධානම් මට්ටමේ පවතියි.

නිල්වලා ගඟ තවදුරටත් තල්ගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින අතර පානදුගම ප්‍රදේශයෙන් අවධානම් මට්ටමේ පවතියි.

හැඩ ඔය සියබලාන්ඩුව ප්‍රදේශයෙන් අවධානම් මට්ටම ඉක්මවා සුළු ගංවතුර මට්ටමට ආසන්න වෙමින් තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මාදුරු ඔය පදියතලාව ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටම ඉක්මවාගොස් ඇතිබවයි.

මහ වැලි ගඟ මේ වනවිට මනම්පිටිය ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවාගොස් තිබේ.

පේරාදෙණිය ප්‍රදේශයෙන් මහ වැලි ගඟ සුළු ගංවතුර මට්ටමට ආසන්න වෙමින් ඇතිබව එම දෙපාර්තමේන්තුව පවසයි.

යාන් ඔය මේ වනවිට හොරොව්පතාන ප්‍රදේශයෙන් සුලු ගංවතුර මට්ටමට ආසන්න වෙමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

බ්‍රිතාන්‍යයෙන් ඉවත දැමූ ගුවන් යානා දෙකක් කෝටි 710කට ගන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව සැරසෙයි

colombotoday

සජිත්ගේ අලි මන්තරේඅත්හදා බැලූ තරුණයින්ට වෙච්ච දේ

colombotoday

ISIS ත්‍රස්ත සංවිධානය ලංකාවේ තහනම් කරන්න.. හෙළ බොදු සවියෙන් ජනපතිට ලිපියක්

colombotoday

රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ලකුණු කැපීම මාර්තු සිට

Admin

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදන බල රහිත කෙරේ

colombotoday

උදයංග වීරතුංගගේ වත්කම් විස්තර අධිකරණයට.. දේපළවලට එරෙහිව තහනම් නියෝග

colombotoday