Colombo Today Local News

ජනපති දිවුරුමෙන් කෝටි 20ක් ඉතුරු කරලා

ජනාධිපති අනුර දිසානායක මහතා දිවුරුම් දීම සඳහා භාවිතා නොකළ රුපියල් මිලියන 200ක මුදල ජනතා ගිණුමට බැර වී ඇතැයි ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කරයි.

පහුගිය කාලයේදී ජනාධිපතිවරයා දිවුරුම් දෙද්දී අයවැයෙන් මිලියන 200 මුදලක් පමණ මුදලක් වෙන්ව ඇති බවද හෙතෙම කියා සිටී.

ජනතාවගේ ගිණුමට වැටෙන මුදල් නොපෙනුනද ආණ්ඩුව ජනතාවට ඇති ආදරය පෙන්වන්නේ නැතයි ද හෙතෙම කියා සිටියේය.

තම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ලැබෙන සියලු වැටුපරප්‍රසාද ජනතාවගේ ගිණුම්වලට දැන් බැර කරන බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

දිනක් තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් 389දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න : දුම්වැටියකින් ඇති වූ බවට වන මතය බැහැර කළ නොහැකි

colombotoday

වඳ දොස්තර CID භාරයට !

colombotoday

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගන්න නව කමිටුවක්

Admin

යහපාලන නියමුවන්ට ලඟ ලඟ මරු එන්නේ ඇයි? හේතුව ජෝතිෂ්‍ය ඇසින් විජිත රෝහණ කියයි

colombotoday

නියං ආධාර ලෙස බෙදූ පාකිස්ථාන් හාල්වල ප්ලාස්ටික් ??

colombotoday