Colombo Today Local News

සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ දැනුවත් කිරීමකින් තොරව එම තනතුරට වැඩ බලන ලේකම් වරියක් පත් කිරීමේ හේතුවෙන් බවත් වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්වීම සඳහා එම පරිපාලන නිලධාරින් පස් දෙනකු තරඟයක යෙදී ඇති බවද සදහන්ය.

සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා යන දෙදෙනාම වෛද්‍ය වෘත්තිකයන් වන නිසා සෞඛ්‍ය ලේකම් ධුරයට වෛද්‍යවරයකු නොවන පරිපාලන නිලධාරික පත් කිරීමට රජයේ අවධානය යොමු ව ඇතැයිද පැවසෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වන වත්සලා ප්‍රියදර්ශනී මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම්වරිය වශයෙන් ම පත් කර ඇති අතර ඇය පසුගිය සෙනසුරදා පස්වරුවේ එම ධුරයේ වැඩ භාරගෙන ඇත.

ඉකුුත් 19 වැනිදා පත් කරන ලද අමාත්‍යංශ ලේකම්වරුන් අතර සෞඛ්‍ය අමාත්‍යංශය සදහා ලේකම්වරයෙක් අලුතින් පත් නොකල අතර මහීපාල මහතා එම ධුරයේ කටයුතු කරමින් සිටියේය.

Related posts

සුරකිමු ගංඟා වැඩසටහන ඇරඹේ

colombotoday

දේශීය වෙදකම ප්‍රවර්ධනයට දුන්,අමාත්‍යාංශයේ කැබ් රථයෙන් දඩයමේ ගිහින් | ගිනි අවි හා තියුණු ආයුද සමග තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අපටත් ඇණයක් වූ “යොහෝවාගේ සාක්ෂිකාරයෝ” රුසියාවේ තහනම් කරයි !

colombotoday

මැටි වලන් වලට හොඳ කලක්

colombotoday

කොළොන්නාව නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

සාම්පූර් සෝලා විදුලිබල උද්‍යානයේ පළමු අදියරට බලපත්‍රය නිකුත් කරයි

Admin