10 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කථානායක අශෝක රන්වල මහතා නිවේදනය කරයි.
පසුගිය පාර්ලිමේන්තුවේත් විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළේ සජිත් ප්‍රේමදාස මහතා ය.
විපක්ෂ නායක ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා, රෝහිණී කවිරත්න යන විපක්ෂ මන්ත්‍රීවරුන් පත්කළ යුතු බවට පසුගිය සමයේ අදහස් පළ වී තිබිණි.