Colombo Today Local News

අලුත් ආණ්ඩුවෙන් අලුත් බදු

‘බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන අතරේ දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී ඔහු මෙසේද අදහස් දැක්වීය.

“2025 මාර්තු මාසයේ දී ආණ්ඩුව සිය මංගල අයවැය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අයිඑම්එෆ් ගිවිසුම අනුව ආණ්ඩුව ලබන වසරේ දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15% දක්වා වැඩි කර ගත යුතුයි.

ඒ කියන්නේ බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන අතරේ දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා.

මාලිමාව අයිඑම්එෆ් ගිවිසුම සංශෝධනය කරන්න යෝජනා කළත් මූල්‍ය අරමුදල ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒකයි කියලා අයිඑම්එෆ් ගිවිසුමෙන් ඉවත් වෙන්න ඒ අයට බෑ. අපේ ආණ්ඩු දේශපාලන වශයෙන් අවාසියි කියලා දැක්කාම මීට පෙර 16 වතාවක් අයිඑම්එෆ් ගිවිසුම් වලින් ඉවත් වෙලා තිබෙනවා. නමුත් මේ පාර ඒක කරන්න බෑ. මොකද අපේ ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ණයහිමියන්ට ඇප වෙලා ඇපකරුගේ භූමිකාව ඉටු කලේ අයිඑම්එෆ්. අපි ගිවිසුමෙන් ඉවත් වුණොත් අයිඑම්එෆ් ඇපකාරත්වයෙන් ඉවත් වෙලා නැවත ලංකාව බංකොලොත් රටක් වෙනවා. ඒ කියන්නේ ආර්ථික අර්බූදයක් ඇති වෙනවා.

ඒ වගේම පොරොන්දු වුණු බදු සහන ලබා නොදුන්නොත් ආණ්ඩුව විසින් ජනතාව රැවටුවා කියලා ජනතාවගේ වෛරයට ලක් වෙලා දේශපාලන අර්බූදයක් ඇති වෙනවා. තමන් ඇති කර ගන්නේ ආර්ථික අර්බූදයක් ද නැතිනම් දේශපාලන අර්බූදයක් ද කියන එක තීරණය කිරීම ආණ්ඩුවට භාරයි. මේ නිසාම ආණ්ඩුව තීරණය කරලා තියෙනවා අය වැය ඉදිරිපත් කිරීම පුංචි ඡන්දයෙන් පසුව කරන්න”

Related posts

එල්ලන්න යැවූ සිරකරුවන්ගේ විස්තර මුදා හරින්න නියෝග

colombotoday

වෛද්‍යවරියකගේ ඉංජිනේරු සැමියා අබිරහස් ලෙස මිය ගිහින්

Admin

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක්

colombotoday

නිවාඩු අවලංගු කලත් තැපැල් සේවකයෝ වර්ජනයේ…

Admin

බලහත්කාරයෙන් ඉඩමක් අත්පත් කර ගන්නා වීඩියෝව ගැන විමර්ශනයකට නීතිපති උපදෙස් දෙයි

colombotoday

පොහොට්ටුවට ඡන්ද ගන්න වෙන්නේ සියදිවි නසා ගන්නවා කියලයි – ඇමති ලක්ෂ්මන් යාපා

colombotoday