දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහා මැතිවරණයෙන් පරාජයට පත්ව තිබේ.
මෙවර යාපනය දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමත් සමග ඔවුන්ට ආසන 3ක් හිමි වූ අතර සුමන්දිරන් නියෝජනය කළ තමිල් අරසුකච්චි පක්ෂයට හිමි වූයේ ආසන 1ක් පමණි.
එම ආසනය මනාප ඡන්ද 32 833ක් හිමි වූ එස්. ශ්‍රීධරන්ට හිමි විය.
ජාතික ජන බලවේගය (ආසන 3)
ඉලන් කුමාර 32,102
ශ්‍රී භාවානන්ද රාජ 20,430
මූර්ති රජිවන් 17,579
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය (ආසන 01)
එස්.සිරිධරන් 32,833
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය (ආසන 01)
ගජේන්ද්ර කුමාර පොන්නම්බලම් 15,135
ස්වාධීන කණ්ඩායම් 17 (ආසන 01)
ආර්. අර්ජුන 20487