Colombo Today Local News

ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

මීට වසර කිහිපයක පෙර සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මන්ත්‍රීවරුන්ට, විවිධ දේශපාලන පක්ෂ නායකයන්ට, දේශපාලන සංවිධානවලට මෙන් ම විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද්ධ හමුදාවෙන් නිකුත් කර තිබූ පිස්තෝල, රිවෝල්වර් හා පතරොම් තුවක්කු දෙසැම්බර් මස 30 වන දිනට පෙර ළඟ ම තිබෙන පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන මෙන් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

මෙම අවි හා උණ්ඩ සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයට නිරීක්ෂණය වී ඇති නිසා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

තව ද, මෙම නිකුත් කර ඇති ගිනි අවි ලබා දුන් පුද්ගලයන්ගේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා පොලිසිය සතු වන අතර ශ්‍රී ලංකා පොලිසිය විසින් එම නාම ලේඛනයේ නම් සඳහන් පුද්ගලයන්ගේ තොරතුරු විමසා ගිනි අවි පොලිසිය භාරයට ගැනීමට සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇත.

එබැවින් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් කරනු ලබන විමසීම් සඳහා සහයෝගය ලබා දීමට කටයුතු කරන ලෙසත්, තව ද දැනටමත් එම ලේඛනයේ නම් සඳහන් පුද්ගලයන් ගිනි අවි රජයට භාර දී ඇත්නම් ඒ බව ද සනාථ කරන ලේඛන පොලිස් නිලධාරීන්ට ලබා දීමෙන් මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටිනු ලැබේ

Related posts

මෙතෙක් නිල නිවාස, වාහන බාර නොදුන් ගිය රජයේ ඇමතිලාට නීතිමය පියවර !

colombotoday

වී මිලදී ගන්න මෝල් හිමියන්ට සහනයක්

Admin

සිරස ප්‍රධානි ආර්. රාජමහේන්ද්‍රන් මහතා ජීවන ගමනට සමු දෙයි.

colombotoday

ලක්ෂ 100ක අල්ලසක් ගන්න ගිය පරිසර අධිකාරියේ හිටපු සභාපතිට අධිකරණය දුන් නියෝගය

Admin

විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දැමූ හිටපු ඇමති ගැන පරීක්‍ෂණක්

Admin

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

colombotoday