Colombo Today Local News

සිරමැදිරියේ බූරු ගැස්සූ ඕ.අයි.සීට ඇප

.මුදලට සූදු කෙළියක නිරතව සිටි බව කියන පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන සිර කර තබා ගැනීම සහ අයුතු අවහිරය යන චෝදනාව යටතේ ගල්කිරියාගම ගිරානේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එච්.ප්‍රභාත් හේමචන්ද්‍ර, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (නොවැ. 11) පෙරවරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රධාන මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලදී.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගිරානේගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවයෙහි නියුතුව සිටි මාතර වල්ගම සුගන්ධ මාවතේ පදිංචි ‍ෙදාඩම්පහළ හේවගේ ප්‍රභාත් ප්‍රේමචන්ද්‍ර, රාත්‍රි කාර්ය භාර පොලිස් සැරයන් ආඩියාගම ජන උදාන ගම්මානයේ පදිංචි විල්බට් පෙරේරාගේ සමින්ද ගිම්හාන් සහ රාත්‍රී උප සේවක කැකිරාව මහ ඇලගමුවේ පදිංචි පොලිස් කොස්තාපල් ඉහළ වෙලේගෙදර නිශාන්ත ලක්මාල් විජය බණ්ඩාර නමැති අයයි.

ඉකුත් ජූලි මස 19 වන දා රාත්‍රී ගිරානේගම ප්‍රදේශයේ අවමංගල්‍යයක් පැවති නිවසක් අසල රාත්‍රී කාලයේ මුදලට සූදු ක්‍රීඩාවේ (බූරුවා ගසමින් සිටි) නිරතව සිටි පුද්ගලයන් දස දෙනෙකුට ආසන්න පිරිසක් ගිරානේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත කැඳවා ගෙන ගොස් එම සැකකරුවන් පොලිස් සිර මැදිරිය තුළ රඳවා බූරුවා ගැසීමට සැලැස්වූ බවට ලද පැමිණිල්ලක් මත පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ අනුව, සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා ඊයේ (නොවැ. 11) පෙරවරුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අනුරාධපුර පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත

Related posts

“අදුරෙන් එළියට” නව ව්‍යවස්ථාවට එරෙහිව ගෝඨාගෙන් අලුත් වැඩක් !

colombotoday

වසවිස හොයන රතන හිමී.. අහෝ නොදුටී “නෙස්ටී“

colombotoday

තැපැල් ඡන්දේ එනවා පඩි වැඩි කරලා තියෙන්නේ

Admin

මෝටර් රථයක සිර වූ 17 හැවිරිදි සිසුවා මිය යයි

Admin

බුදු පිළිම වහන්සේට රේගුවෙන් රත‍්‍රං නිදහස් කල නිලධාරීන් අත්අඩංගුවට ගන්න පෙර උපදෙස් දුන් සංඝරත්නය අත්අඩංගුවට ගන්න

colombotoday

මල්වර උත්සවයට – මළගෙදරට ආ පිරිස අතර ගැටුමෙන් 3 ක් රෝහලේ..18 ක් පොලිසියේ

colombotoday