ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් සියලු පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඡන්දය ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සිදු වනුයේ ඇතැම් පාලකයන්ට අවශ්‍ය වන පරිදි ජනතාව පාලනය කිරීමට පෙළඹීම බව පැවසීය.
ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත් කම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව පැවසීය.
ඡන්දය පිළිබඳ ජනතාව ජනතාව තුළ ඇති විශ්වාසය සහ ආකල්ප මේ වනවිට වෙනස් වී තිබේ.
ඡන්දය ලබාදීම තුළින් ජනතාවගේ අභිලාෂයන් ඉටු නොවීම හේතුවෙන් ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වන බව වැඩිදුරටත් පැවසීය.