Colombo Today Local News

පොල් මද ආනයනට අවසර?

කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය පොල් මඳ ආනයනයට අවසර ලබාදීමත් සමඟ පොල් මිල අනිවාර්යෙන්ම ඉදිරියේ දී පහළ බසිනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ශාන්ත රණතුංග මහතා සඳහන් කරන්නේ පොල් මිල ඉහළ යාමට පොල් නිෂ්පාදනය අඩුවීම හා ආනයනයට ලැබුණු විශාල ඉල්ලුම බලපා ඇති බවයි.

ඒ අනුව ඉල්ලුමට අදාළ සැපයුමක් ලබාදීමට කර්මාන්තකරුවන් කළ ඉල්ලීම අනුව පොල් මද ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සන්දේශයක් සකස් කර ඇතැයිද හෙතෙම පැවසීය.

ඒ අනුව ඉදිරියේදී අනිවාර්යෙන්ම පොල් මිල පහළ බසින බැවින් පොල් තොග රැස් කරගෙන සිටීමෙන් වළකින්නයි ඉල්ලා සිටින බව ද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Related posts

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලට

colombotoday

ඥානසාර හිමිගෙ කරුණු 80% ක් නිර්දේශවලට අරගෙන උන්වහන්සේවත් චුදිතයෙක් කරලා. | සුදත්ත හිමිගෙන් පාස්කු වාර්තාවට ප්‍රහාරයක්.

colombotoday

ජිනීවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනු – විපක්ෂනායක සම්බන්ධන් රජයට කියයි

colombotoday

මඤ්ඤොක්කා පැලයක් ගැල වූ සීයා පරලොව යවයි

Admin

විවෘත මාධ්‍ය වැඩමුළුවක් 25 දා කොළඹදී !

colombotoday

මේ වසර තුන මම හිටියේ කම්පාවෙන්… සොබා දහම පවා යහපාලන රජයට ආශිර්වාද කරේ නෑ…

colombotoday