Colombo Today Local News

මාසෙන් මාලිමාවට වෙච්ච දේ

වසර පනහක් තිස්සේ පැවති රජයන් විවේචනය කල ජනතා විමුක්ති පෙරමුණ රටේ පාලන බලය ලබාගෙන ඇති බව එක්සත් ජාතික සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ (30) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ අවු 50 ක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ සෑම ආණ්ඩුවකට විවේචන එල්ල බවත්, තිස් වසරක් මෙරට පැවති යුද්ධය අවසන් කරමින් තිබියදි රජයට දෝෂාභියෝගයක් ගෙන එමින් රජය පාරාජය කිරිමට කටයුතු කල බවයි.කොරොනා වසංගත සමයේ මෙරටට ගෙන්වු ඇන්ටිජන් කට්ටල පිලිබදව දැඩි විවේචනය කරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ, රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු දස දහසකින් වැඩි කරන්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරද්දි ඒක රු විසිදහසකින් වැඩි කරන්න කියපු ජනතා විමුක්ති පෙරමුණ අද බලයට ඇවිල්ලා රජයේ සේවකයින්ගේ වැටුප වැඩි නොකර ඉන්නවා.

විදුලි බිල, ඉන්ධ මිල විශාල අගයකින් අඩු කරනවා කිව්වට අඩු කලේ සොච්චම් මුදලක්, ජනතා විමුක්ති පෙරමුණ බලයට ඇවිල්ලා මාසයක් වැනි කෙටි කාලයක් තුල රටේ ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙලා.ඒකට හොදම උදාහරණය තමයි ඇල්පිටිය ප්‍රාදේශිය සභා ජන්දය, එක්සත් ජාතික සන්ධානය මෙවර අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසිය.

රංජිත් රාජපක්ෂ

Related posts

නිදහස දා උතුරේ කළු කොඩි දිනයක් ලෙස සමරයි | ‘ උතුරු නැගෙනහිර සිංහල ජනපදකරණයට එරෙහිව විරෝධතාවයට එක්වන්න ‘ – සුමන්තිරන් දෙමළ ජනතාවගෙන් ඉල්ලයි.

colombotoday

හෙරොයින් සමග ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංක අත්අඩංගුවට

colombotoday

ඇමරිකන් පුරවැසියන්ට මෙහෙ ඡන්දෙ ඉල්ලන්න බෑ… එයා ගැන කතා කරල වැඩක් නෑ…

colombotoday

වතුර ගැනීමට ළිඳට ගිය දැරියක් ජීවිතක්ෂයට

Admin

යහපාලන කැබිනට්ටුව තවත් එකකින් ඉහළ යයි. අලුත් ඇමතිකමක අමුණුගමත් දිවුරුම් දෙයි.

colombotoday

මෙවර ගිණිකෙළි අනතුරු නැති අලුත් අවුරුද්දක්

colombotoday