Colombo Today Local News

ආණ්ඩුව හා අයි.එම්.එෆ් අතර සාකච්ඡාවල ඩෙඩ්ලොක් එකක් ?

ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර සාකච්ඡා සම්පූර්ණයෙන් ම වගේ අවහිර වූ තත්වයක් මතුව ඇතැයි ජාත්‍යන්තර දේශපාලන කටයුතු පිළිබඳ විශ්ලේෂකයකු වන කෙෂාල් ජයසිංහ පැවසී ය.

කෙෂාල් ජයසිංහ ඒ බව සඳහන් කර සිටියේ නාවල සිය නිවසේ පැවති ඊයේ (29) පැවති තරුණ ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ කෙෂාල් ජයසිංහ…

ජනතාව කතුහලයට පත්වෙලා

‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවක් සඳහා ආණ්ඩුවේ නියෝජිත පිරිසක් වොෂින්ටන් ගියා. එම නියෝජිත පිරිස ලංකාවට පැමිණීමත් සමග බොහෝ දෙනෙක් විශ්වාස කරේ රටේ මුදල් ඇමති විදියට ජනාධිපති අනුර දිසානායක ජාතිය අමතලා ඒ සාකච්ඡාවල ප්‍රගතිය මහජනතාවට දැනුම් දෙයි කියල. අලුත් ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය මොකක් ද කියන එක සම්බන්ධයෙන් හැමෝට ම තියෙන්නෙ කුතුහලයක්. ඊළඟ වාරිකය ලංකාවට ලැබෙයි ද, ලංකාවට ඒය ලැබෙනවා නම් ලැබෙන්නේ කුමන කාල පරාසයක් තුළ ද, ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන අලුත් කොන්දෙසි මොනව ද කියන කාරණා සම්බන්ධයෙනුත් ජනතාව තුළ කුතුහලයක පවතිනවා.

ආණ්ඩුව සහ IMF අතර සාකච්ඡා ගැන ජනතාව අවදියෙන්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැස්වීමක දි කියල තිබුණා නව ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ජනාධිපති සතු කාර්යයභාරයක් කියල. ඔහු වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් කිව්වෙ ඔහු මුදල් ඇමති අවධියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කරපු පළමු සාකච්ඡාවෙ ඉඳල ජනාධිපති ධුර කාලය අවසන් වන තෙක් පැවති හැම හමුවක දි ම, හැම ඒකඟතාවක ම අඩංගු කරණු පිළිබඳ පාර්ලිමේන්තුවයි මහජනතාව දැනුවත් කරපු විදිය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටියේ රටේ ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධව මහජනතාව දැනුවත් කරන්න කියල. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර විශ්ලේෂණයෙන් ඉවත් වෙනවා ද, උපයන විට බදු අඩු කරනවා ද, එකතු කිරීම මත අගය එකතු කරන බදු අඩු කරනවා ද? ඒ වගේ ම දෙදහස් විසි පහ වසරේ ආණ්ඩුවේ දළ මූල්‍ය අවශ්‍යතාව කොපමණ ද, ඒ අවශ්‍යතා සපුරා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව මහජනතාව ආණ්ඩුවෙන් පිළිතුරක් අපෙක්ෂාවෙන් ඉන්නවා.’’

Related posts

පාර්ලිමේන්තුව ගිනියම් වෙයි… සභාගැබේ ගුටි කෙළියක්…

colombotoday

20 විරෝධයක් ගැන තමන්වහන්සේව දැනුවත්ව කර නෑ – රාමඤ්ඤ මහා නිකායේ මහනායක හිමි කියති

colombotoday

ජනපති කාර්ය මණ්ඩලයට සුද්දයක් දෙන්න යයි

colombotoday

උලෙමා සභාවේ ලොක්කා බොදු බලේ ගැන බොරු ප්‍රකාශ සිදුකර පාර්ලිමේන්තු කමිටුව නොමග යවනවා

colombotoday

තව්හිද් ජමාත්, මියන්මාරයට එරෙහිව අද කොළඹදී යකා නටන්න යයි !!

colombotoday

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

colombotoday