Colombo Today Local News

අය වැය හිඟය පියවන විදිය රටට කියන්න

අලුත් යෝජනා නිසා රටේ ආදායම රුපියල් බිලියන 3,000 ක් දක්වා පහත වැටීම නිසා අය වැය හිඟය රුපියල් බිලියන 1000 සිට 2,500 ක් දක්වා වැඩිවන බවත්, මෙම පරතරය පියවන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා වහාම රටට පැවැසිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවැති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

”අන්තිම වන විට අපේ ආදායම බිලියන 3700 ක් වී තිබුණා. මේ වසරේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දහතුනක ආදායම් ලබා ලබාගන්න අප ඉලක්ක කර තිබුණා. අලුත් යෝජනා ඔක්කොම දානවානම් අපේ වියදම ඩොලර් බිලියන 5600 ක් පමණක් වෙනවා. අනෙක් අතින් අපේ ආදායම රුපියල් බිලියන 3000 දක්වා පහත බසිනවා. එවිට අයවැය පරතරය රුපියල් බිලියන 1000හේ සිට 2500 දක්වා වැඩි වෙනවා. එවිට ඒ මුදල් හොයන්නේ කොහොමද”

Related posts

ජනපතිගේ ආශිර්වාදයෙන් ඇමති විමල්ගේ ආරාධනයෙන් එන ඡන්දෙට මං ඉල්ලනවා..

colombotoday

සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටී පෑලියගොඩ ගබඩාවක් මුද්‍රා තබයි

colombotoday

වසර 5ක් තුල මන්ත්‍රීවරයෙක් ලෙස රු. තිස්කෝටි හැට දෙලක්‍ෂයක් උපයාගෙන. සජින් ද වාස්ට අධිචෝදනා භාරදෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ

Admin

ඇමරිකානු හමුදා බලඇණියක් ත්‍රිකුණාමලේ !

colombotoday

අපමණ අගය දිගටම.. හමුදා බුද්ධි අංශ හිටපු ප්‍රධානියාත් රහස් පොලීසියට !

colombotoday