Colombo Today Local News

හිටපු ජනාධිපතිවරුන්ට අනුර ජනාධිපතිතුමාගෙන් රතු එළියක්

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් රජය දරන වැය බර මුළුමනින්ම ඉවත් කිරීම සඳහා පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපි ජයග්‍රහණය කරලා දැන් මාසෙකට වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. දැන් එයාලා කියපුවාට මොකද වුණේ? ඒ ඔක්කොම අසත්‍ය බවට තහවුරු වෙලා තියෙනවා. ගෑස් පිපුරුවේ නැහැ, ඩොලරය රුපියල් 400ට ගියේ නැහැ, ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජයග්‍රහණයක් සමරනවා රතිඤ්ඤාවත් පත්තු නොකර. ජය සැමරුවා සාමකාමීව.


ඩොලරය රුපියල් 300ට පහළින් තියාගෙන ඉන්නවා. තෙල්, ගෑස් පෝලිම් ඇතිවෙන්න ඉඩදුන්නේ නැහැ. ජාත්‍යන්තර සබඳතා වෙනදාට වඩා ශක්තිමත් කරමින් ඉන්නවා. කියපු සියල්ල අසත්‍ය බව ජනතාව අද දන්නවා. ජනපතිවරණයේදී ඡන්දේ නොදීපු අයත් මහ මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දෙනවා…දෙනවද? නැද්ද?…දෙනවා.


මන්ත්‍රි වරප්‍රසාද අඩුවෙන්න ඕනේ. වැය බර අඩුවෙන්න ඕනේ. ජනපති වෙනුවෙන් දරන වැය බර අඩු කරන්න ඕනේ. හිටපු ජනපතිවරු වෙනුවෙන් දරන වැය බර මුළුමනින් අඩු කළ යුතුයි. අපි දැන් කමිටුවක් දාලා තියෙන්නේ චක්‍රලේඛ, පනත්, ව්‍යවස්ථාව මගින් වරප්‍රසාද පිරිනමා තිබෙනවා. ඒ සියල්ල ඉවත් කරන්න සාකච්ඡා කරලා.


හිටපු ජනපතිවරු බලාගන්න එක නතර කරනවා. ඒවා කරන්න බෑ. පොඩි ගණන් නෙවෙයි. ආරක්ෂකයෝ 163ක් ඉල්ලනවා. ගිලන් රථ, BMW කාර් ඇතුළු වාහන 16ක් 17ක් ඉල්ලනවා. ගෙදර අයගේ ගාණට වැඩියෙන් කෝකියෝ ඉල්ලනවා. මෙහෙම රටක් කරන්න බැහැ.


දේශපාලනය වරප්‍රසාදයක් ලෙස හිතනවා. විශ්‍රාම ගියාම බලාගැනීම ජනතාවගේ වැඩක් කියලා හිතනවා. ඒවා ජනතාවගේ වැඩ නෙවෙයි. ඒවා ඉතා ඉක්මණින් අපි ඉවත් කරනවා හැම නායකයාටම ඇහෙන්න කියන්නේ.

පළිගැනීමට කරන දෙයක් නෙවෙයි. දේශපාලනය මහජන සේවයක් කළ යුතුයි. ගරු ඇමති අතිගරු ජනපති කියන්නේ ඇයි? .ගරු සේවය, අතිගරු සේවය මේක හොඳ අතිගරු සේවය. ඉන්නකොටත් බලාගෙන, ගියාමත් බලන්න ඕනේ. මේවා නතර කරනවා.
පොඩි කම්මැලි ඡන්දයක් තියෙනවා. වෙනදා මෙහෙමද? ගිනි තියනවා, පහර දෙනවා, රථ පෙළපාලි යනවා. දැන් තියෙනවද එහෙම ඒවා. මේවා තමයි ඡන්ද කියන්නේ ජාතික ජනබලවේගය ආණ්ඩුව නිදහස් මැතිවරණයක් තහවුරු කළා. ඒවා ජයග්‍රහණ.”
ඉදිරි මහා මැතිවරණය වෙනුවෙන් ඊයේ (27) පස්වරුවේ බද්දේගම පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව පැවසීය.

Related posts

ඇමතිලාට කෝටි ගණනක වාහන ඕනමයි.. ඒවා අපට නෙවෙයි ජනතා සේවයටයි

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1857ක් දක්වා ඉහළට

colombotoday

ඊශ්‍රායල් දරුවන් සහ ගැබිනියන් මරන්න ෆත්වා දුන් යූසුෆ් අල් කර්දාවී ආගමික විද්වතෙක්. මුස්ලිම් කවුන්සිලයේ අමීන් කියයි.

colombotoday

දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

Admin

පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හෙට ඇරඹෙයි

colombotoday

රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට යෑමට සූදානම් !

colombotoday