Colombo Today Local News

ආරුගම්බේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම එක් සැකකරුවෙකු ඉරාකයේ සංචාරය කොට පැමිණි අයකු බව ද වාර්තා වෙයි.

ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුම්වත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසිනි. අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19-23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයකි. එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයකි.

Related posts

තවුහිද් ජමාද් සංවිධානයේ දේශන පැවැත්වු ගම්පොල නිවසක් වටලයි

colombotoday

ගිවිසුමක් අහෝසියි.. මලික්ගේ ඇමරිකානු ඩීල් එක අතරමග ඇනහිටී (Video)

colombotoday

සභාපති නැති මුදල් කාරක සභාව ගැන සජිත් ප්‍රශ්න කරයි

Admin

වරාය විකිණීමට එරෙහිව ඉදිරිපත් කළ, කුණු කූඩයට වැටුණු කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday

“මොළ හතේ ඇමති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමති “

colombotoday

කලහකාරි සිද්ධීන්ට අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ගයාන්ට ඇප

colombotoday