Colombo Today Local News

නොවැ.14 පාර්ලිමේන්තුව පිරිසිදු කරනවා

නොවැම්බර් 14 වනදා තිබෙන්නේ ඡන්දයක් නොව මහා ශ්‍රමදානයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“නොවැම්බර් මාසේ 14 වනදා තියෙන්නේ ඡන්දයක් නෙමෙයි මහා ශ්‍රමදානයක්. පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක්. නොවැම්බර් මාසේ 14 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ දිනේ. අපි දිනේ ප්‍රකාශ කළාම 60කට වඩා පිරිසක් ස්වෙච්ඡාවෙන්ම පිරිසිදු වෙලා. ඉල්ලන්නේම නෑ. පොළොන්නරුවෙත් ඉන්නවා නේ. 89 ඉඳලා පාර්ලිමේන්තුවේ හැබැයි 2024 නෑ. ස්වෙච්ඡාවෙන් පිරිසිදු වෙලා. ඉතුරු වෙලා ඉන්නවා කට්ටියක් ඒ කට්ටිය පිරිසිදු කිරීමේ වගකීම පොළොන්නරුවේ ජනතාවට පැවරෙනවා. භාර ගන්න ඕනේ.

ජාතික ජනබල වේගයේ විශාල වැඩක් තමයි මේ රට ඩිජිටල්කරණය කරන එක. පුරවැසියන්ට අවශ්‍ය කාර්යය සුවපහසුවෙන් කරන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෝලිමේ ඉන්න ඕනේ නෑ ඔප්පුවක් ගන්න. පෝලිමේ ඉන්න ඕනේ නෑ මරණ සහතිකයක් ගන්න. කට්ටිය කියනවා මේ හොරු අල්ලන්නේ නැද්ද කියලා. අපි ගැන කලබල වෙන්න එපා. වංචනිකයන්ට දූෂිතයින්ට දඬුවම්දීම නාටකයක් නෙමෙයි.

2015 ඒක නාටකයක් වුණා. ෆයිල් අරන් යනවා වොයිස් කට් දෙනවා. දූෂිතයත් වොයිස් කට් දෙනවා. අද ගොඩක් සිද්ධ වෙනවා වොයිස් කට් නෑ. අදත් වෙලා තියෙනවා නේ. කියමනක් තියෙනවා හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පනිනවා කියලා. පහුගිය දවස්වල ඒක දැක්කා ද? ඒ කාර්යය සිදුකරන ඉහළ පෙළේ නිලධාරීන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කරලා තියෙනවා. කලින් වැට පැනලා. එයාලා කලබල වෙලා. අපි පියවරෙන් පියවර ඉදිරියට යනවා.”

ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ ෛෛඊයේ (23) පැවති මැතිවරණ රැළිය අමතමිනි.

Related posts

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි

colombotoday

මංගල සුරා ගැසට් පත්‍රය අකුලාගනී !

colombotoday

සාක්ෂි විමසා අවසන්.. අගමැති බැදුම්කර කොමිසමෙන් පිටවෙයි !

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ඉන්දුනීසියාවේ පන්සල් 6ක් ගිනිතබා වනසයි !

colombotoday

කිව්.ආර්. වලින් පිට වැඩ කළ ඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටවයි

Admin

පාසල් පෙල පොත සංශෝධනයට බංග්ලාදේශයෙන් අන්තවාදී කණ්ඩායමක් එයි !

colombotoday