Colombo Today Local News

නාමල් හිටපු නිවසක ගින්නක්

කොළඹ 7 මලලසේකර මාවතේ රජයේ මන්ත්‍රී නිල නිවසක ඇති වූ හදිසි ගින්න විනාඩි කිහිපයක් තුළදී නිවා දැමූ බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

මෙම දෙමහල් නිල නිවස මීට මාස අටකට පමණ ඉහතදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පදිංචිව සිට ඇති අතර ඉන් අනතුරුව විදුලිය විසන්ධි කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

දැනට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වකුඹුර මහතා වෙත වෙන්කර ඇති රජයේ නිල නිවාසය අලුත් වැඩියා කටයුතු සිදු කරමින් සිටියදී, විදුලි බල මණ්ඩලය මගින් විසන්ධි කර තිබූ විදුලිය නැවත ලබාදී පිට වී යාමෙන් අනතුරුව විනාඩි 30 කට පමණ පසු නිවසේ උඩු මහලේ වායු සමීකරණ යන්ත්‍රයකින් මෙම ගින්න හටගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එය ගිනි ගන්නා අයුරු නිවසේ පින්තාරු කටයුතු යෙදී සිටි පුද්ගලයෙකු දැක පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ දෙකක් පැමිණ ගින්න සම්පූර්ණයෙන් නිවා දමා පාලනය කිරීමට කටයුතු කර ඇත.

ඇති වූ ගින්නෙන් වායු සමීකරණ යන්ත්‍රයේ අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ගින්නෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැති අතර වෙනත් දේපළ හානි කිසිවක් නැතැයි පොලිසිය කියයි.

Related posts

නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද? – ආචාර්ය දයාන් ජයතිලක

colombotoday

දේශපාලන හිතවත් කමට ඇතැම් අය බේරා ගන්න එපා.. ප්‍රහාරයේ මහ මොල කරුවන් හෙළි වෙනවට තමයි බය වෙලා තියෙන්නෙ.

colombotoday

යාචකයකු තියුණු ආයුධයකින් ඇන වෙළෙඳ සැලෙට ආ පුද්ගලයෙක් ඝාතනය කරයි

colombotoday

“භික්ෂූන් වහන්සේලා එක්ක හැප්පෙන්න ඇවිත් තමන්ගේ වල කපාගන්න එපා“ – අස්ගිරියෙන් අනතුරු ඇගවීමක්

colombotoday

අනියම් පෙම්වතිය මැරු SI කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

colombotoday

අරලියගහ මැදුරට ඇතුළු වී කලහකාරිව හැසිරුණු තවත් දෙදෙනෙක් අල්ලයි

Admin