Colombo Today Local News

දූෂිතයෙක් සභාපති කරයි?

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස එම ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු පත් කිරීමට සූදානමක් ඇතැයි විෂය භාර ඇමති විජිත හේරත් මහතා වෙත එහි සේවක පිරිසක් විසින් ලිකිතව දන්නවා ඇත.

එමඟින් පෙන්වා දී ඇත්තේ අදාළ පුද්ගලයා අධ්‍යක්ෂ ධුරය දැරූ කාලයේ ආයතනයට දැඩි ලෙස පාඩු සිදුවන තීන්දු ගත් පුද්ගලයකු බවයි.

මෙම පුද්ගලයා නතුරට නොගැළපෙන නිසා ඔහු සභාපති ධුරයට පත් නොකරන ලෙස ද ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයිද දැනගන්නට තිබේ.

2015-2019 අතර කාලයේ ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ඔහු කටයුතු කර ඇති බවත් ක්‍රියා නොකරන තල් හකුරු නිෂ්පාදන යන්ත්‍ර මිලදී ගැනීමක් හේතුවෙන් රුපියල් මිලියන 20ක රජයේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා එල්ල වී විමර්ශනයකින් පසු එම මුදල් අය කරගැනීමට කටයුතු කරමින් සිටින බවත් ලිපියේ සදහන්ව ඇත.

Related posts

චෝදනා, විවේචනවලට වික්ටර්ගෙන් සැර පිළිතුරක් !

colombotoday

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂ‍යේ හර්ෂට

Admin

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

Admin

කුවේටය වසා දමයි… ගුවන් ගමන් අත්හිටුවයි… සියළු පොදු ස්ථාන වසා දමා රටම නිරෝධනය කරයි !

colombotoday

රටම නොමග යවා ඇමතිලා ගෙන්වූ කෝටි 118 සැප වාහන වරායේ ගොඩබෑම ඇරඹේ

colombotoday