Colombo Today Local News

බුකිය කලබපු මුද්දර ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

150 වැනි ලෝක තැපැල් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන්ගේ රුව සහිත තැපැල් මුද්දර සම්බන්ධයෙන් පල වන වාර්තා සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව කරුණු පැහැදිලි කරයි.

ඔවුන්ගේ රුව සහිත මුද්දර නිකුත් කර නොමැති බවත් අදාල උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ඔවුන් වෙත පිරිනැමුණේ රුව සහිත මුද්දර ඇතුත් සමරු තිළිණ දෙකක් පමණක් බවත් දෙපාර්තමේන්තුව පවසයි.

මේවා සමරු මුද්දර කාණ්ඩයට අයත් වන අතර ඒවා සිහිවටන පමණක් බවත් නිල තැපැල් මුද්දර නොවන අතර තැපැල් කටයුතු සඳහා භාවිත නොකරන බවත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඕනෑම අයෙකුට තමන් කැමති පින්තූර භාවිතා කරමින් පුද්ගලාරෝපිත මුද්දර නිර්මාණය කළ හැකි නමුත් ඒවා නිල තැපැල් සේවාවන් සදහා භාවිත කල නොහැකි බවත් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි

Related posts

සල්ලි කොල්ලකන අපරාධ කල්ලියක් ගැන මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

colombotoday

20 සංශෝධනයෙන් රට යන්නේ ආපස්සටයි. අපට වූ පොරොන්දු ඉටු කර නෑ.. – ශ‍්‍රීනිපය කියයි

colombotoday

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මිය යයි

Admin

නැගෙනහිර පළාතේන් පැය 24 ට කොව්ඩ් ආසාදිතයන් 42ක් සොයා ගනී

colombotoday

දරුවන්ට අමානුශික ලෙස පහර දී වීඩියෝ කල පියා අත්අඩංගුවට

Admin

“වෙනම රටක් ඕනෑ කියා දැන් කැටපෝලයක්වත් උස්සන්නෑ“ – දඹර අමිල හිමි

colombotoday