Colombo Today Local News

ඊ පාස්පෝර්ට් ක්‍රමවේදය නතර කරන්නේ නෑ

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් මතුව ඇති විදේශ ගමන් බලපත්‍ර හිඟයට විසඳුමක් ලෙස එම ටෙන්ඩරය හිමිකර ගත් තේල්ස් සමාගමට සහ එහි ශ්‍රී ලංකා නියෝජිතයා වන ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජිස් සමාගමට පසුගිය රජය දුන් විද්‍යුත් චිපය රහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 ක ඇණවුම අවලංගු නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

එම ඇණවුම තේල්ස් සමාගමට සහ එහි ශ්‍රී ලංකා නියෝජිතයා වන ජස්ට් ඉන් ටයිම් ටෙක් නොලොජීස් සමාගමට ලබාදීමට පසුගිය රජය ගත් තීරණය වැරැදි වුවත් නිවැරැදි වුවත් එම ඇණවුම අවලංගු නොකරන බවත් එම ඇණවුම අවලංගු කළහොත් විදේශ ගමන් බලපත්‍ර හිඟයක් ඇති වනු ඇති බවත් නව රජය එම ඇණවුම අවලංගු නොකිරීමට ගත් තීරණය පිළිබඳව අදහස් අමාත්‍යවරයා පැවැසුවේය.

තේල්ස් සමාගම 47.500 ක විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගයේ පළමු කොටස එළැඹෙන 15 වැනිදා සිට 20 වැනිදා අතර දිනයකදී මෙරටට ලැබීමට නියමිතව තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.

විද්‍යුත් චිපය රහිත විදේශ ගමන් බලපත්‍ර ඇණවුමේ දෙවැනි තොගය ලෙස විදේශ ගමන් බලපත්‍ර 100,000 ක ප්‍රමාණයක් නොවැම්බර් මස අවසානයේදී ලැබීමට නියමිත බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේය.

කෙසේ වෙතත්, තේල්ස් තවමත් නව විදේශ ගමන් බලපත්‍රයේ සාම්පල ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලබා දී නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රටක් නව විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට පෙර එහි පිටපත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය වෙත කල්තියා අනුමැතිය සඳහා යැවීය යුතු බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේය.

එම නිසා පසුගිය රජය ඇණවුම් ලබාදී ඇති ආකාරයට විද්‍යුත් විපය රහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 ක ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.7 ක මුදලකට නව රජය මිලදි ගනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

– සන්ඩේ ටයිම්ස්

Related posts

වේදෙනිගම විමලතිස්ස හිමි පැහැරගැනීම පිටුපස DIG දේශබන්දු තෙන්නකෝන්

colombotoday

ගුරු මාරුවීම් වලට ආණ්ඩුවේ දේශපාලකයන් මැදිහත් වෙලා

Admin

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට ගිය තරුණිය මරාගෙන මැරෙන ප්‍රහාරයකට දිවුරුම් දීලා

colombotoday

Photos: උතුරු කොළඹ අපේක්ෂකයන් සමග රවී කරුණානායක ආගමික වතාවත්වල

colombotoday

නවක වධයට බිලි වූ සබරගමුව සිසුවියගේ මරණය ගැන පරීක්ෂණයක් උපකුලපතිටත් නඩු දමන්න – ඇමැති පොලිස් කොමිසමෙන් ඉල්ලයි

colombotoday

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් තීරුවක් තාවකාලිකව වැසෙයි

colombotoday