Colombo Today Local News

වරායට විශ්‍රාමික නාවික හමුදාපති කෙනෙක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා 10.03 දින වැඩ භාර ගැනීම සිදුවිය.1982 වර්ෂයේ කැඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා 2015 වර්ෂයේ දී නාවික හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි ධූරයට පත් විය.

අනුරාධපුර ශාන්ත ජෝශෆ් විද්‍යාලය හා අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයෙන් මූලික හා ද්විතියික අධ්‍යාපනය ලැබූ සිරිමෙවන් මහතා පකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් යුද අධ්‍යාපනය හා ආරක්ෂක කළමණාකරණය පිළිබඳ ඵීක්‍ උපාධිය ද, මධුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යාපනය පිළිබඳ දර්ශනශූරි උපාධිය ද හිමිකර ගෙන තිබේ.සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තමසේවා පදක්කම් ලාභියෙකු ද වේ.

Related posts

අසංවරවර ඇවිත්, හිරුණිකා උසාවියට අගෞරව කරලා.. විනිසුරු මඩුල්ලෙන් දැඩි අවවාද

colombotoday

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday

UPDATE – ඇගමැතිවරයා හදිසියේ සිංගප්පූරුවේ රෝහලකට!

colombotoday

කිලිනොච්චියේ පුද්ගල ඝාතනයක්

colombotoday

චමින්දගේ මන්ත්‍රී ධුරය නයන වාසලතිලකට

Admin

කුණු ගැටළුව ගැන මාධ්‍යවේදීන් අසයි.. ඇමති ‘ආටක නාටක‘ පෙන්වයි (Video)

colombotoday