Colombo Today Local News

කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ පස්වරුවේ සිදු කර ඇති මෙම අත්අඩංගුවට ගැනීමට සරසවි ප්‍රදර්ශනය කුටිය ඉදිරිපිට සිදුවූ පහරදීමේ සිදුවීමකි.සරසවි පොත් කුටියේ ආරක්ෂකයෙකු විසින් තරුණයකුට සිදු කරන ලද පහරදීමකට මාධ්‍යවේදියා විරෝධය පලකර ඇති අතර එය නොතකා ආරක්‍ෂකයා දිගටම පහර දී ඇත.

සිදුවීම වීඩියෝ කරද්දී එහි පැමිණි පොලිස් නිලධාරීන් කල්ප ගුණරත්න අත්අඩංගුවට ගෙන ඇත්තේ වීඩියෝ කිරීම හේතුවෙන් කළබලයක් ඇතිවූ බව එම පොත් කුටියේ පිරිස පැවසීම මතයි.අනතුරුව කල්ප ගුණරත්න අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලීසියට ගෙන ගොස් පැය තුනකට පමණ පසු මුදා හැර ඇත.සරසවි පොත්හලේ ආරක්ෂකයාගෙන් පහරකෑමට ලක්වූ තරුණයා තමනට සිදු කල පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර පහර කෑමෙන් ඔහුගේ හිසට තුවාල සිදුව ඇත.

Related posts

සියතින් වෙඩි තබාගෙන ලුතිනන් මිය යයි.

colombotoday

අන්තවාදී අරාබිකරණය නවතනු !.. කොටුවේ විරෝධතා (Video)

colombotoday

මල් මල් ගමනක් ගිය සිරිකොතේ පදයට රඟා, සීඅයිඩියේ දෙබානක් ජාතික ආරක්‍ෂාව විනාශ කළ හැටි…

colombotoday

“යොවුන් පුරය කදිම තෝතැන්නක් වුණා” – අගමැති

colombotoday

විදුලි පනතට බියෙන් ලංවිම සභාපති රට පැනලා – ඇමැති කාංචනට යකා නගී

Admin

ලංකා ගුරු සංගමයේ සභාපතිටත් ආණ්ඩුව ෂොට් එක දෙයි!

Admin